Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ හිටපු ශූරයා වන රෆායෙල් නඩාල් අවසන් පූර්ව තරගය ක්‍රීඩා කරමින් සිටියදීම තරගයෙන් ඉවත් වූ හෙයින් ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. හෙට (ඉරිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඩෙල් පොට්රෝ සහ සර්බියාවේ නොවැක් ජොකොවික් තරග වදිනු ඇත. අවසන් පූර්ව තරගය අතරමැදදී ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ඉවත් වූ නඩාල් ලෝකයේ අංක 1 ටෙනිස් ක්‍රීඩකයාද වෙයි.
නඩාල් තරගයෙන් ඉවත් වන අවස්ථාවේදී ලකුණු 7-6 සහ 6-2 ක් වශයෙන් ඩෙල් පොට්රෝ ඉදිරියෙන් සිටියේය.
අවසන් මහ තරගයේදී ඩෙල් පොට්රෝ මුණගැසෙන සර්බියාවේ නොවැක් ජොකොවික් 2011 සහ 2015 වසර වලදී ඇමරිකානු විවෘත ශූරතාව දිනාගත් ක්‍රීඩකයාය. ඩෙල් පොට්රෝ - ජොකොවික් තරග ඉතිහාසයේ වාර්තාව අනුව 14-4 ක වාසියක් ජොකොවික් සතුව තිබේ.
“අපි දෙදෙනා කවදාවත් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් මහ තරගයේදී මුණගැසිලා නෑ. ක්‍රීඩකයකු වගේම පුද්ගලයකු ලෙසිනුත් මට ඔහු ගැන විශාල ගෞරවයක් තිබෙනවා. එයාට තරමක් ආබාධ තියෙනවා තමයි. ඒත් එයාගේ දවසේදී ඕනෑම ලොකු තරගයක් ජයගන්න පුළුවන්” යයි නොවැක් ජොකොවික් සිය ප්‍රතිවාදියා ගැන පැවසීය.
නඩාල්ගේ ආබාධය එතරම් බරපතළ නොවූවත් තරග අතරමැදදී ඉවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහු මහත් නොසතුටට පත්ව සිටී. දණහිසේ ආබාධයක් හේතුවෙන් පසුගිය ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියේදීත් අර්ධ අවසන් පුර්ව තරගයේදී නඩාල් ඉවත් වූයේය.
ප්‍රධාන පෙළේ (ග්‍රෑන්ඞ් ස්ලෑම්) ජයග්‍රහණවල 18 වැන්න සොයා යමින් සිටි නඩාල් මෙවර ඇමරිකානු විවෘත තරගාවලියේදී පැය 16 කට ආසන්න කාලයක් තරග කළේය. ඩොමිනික් තීම් සහ නඩාල් අතර අර්ධ අවසන් පූර්ව වටයේදී පැවැති තරගය පැය 5 කට අධික කාලයක් පුරා පැවැත්විණ. මෙම තරගයේදී වෙහෙසට පත්වීම නඩාල්ට අහිතකර ලෙසින් බලපෑවේ අවසන් පූර්ව තරගයේදීය. එහිදී දෙවතාවක්ම සිය දණහිසට වෙළුම් පටි දමාගැනීමට නඩාල්ට සිදුවිය. පසුව දෙවැනි වටයේදී තරගයෙන් ඉවත් විය.
“ඇත්ත වශයෙන්ම ඒක තරගයක් ජයගන්න හොඳම විදිහ නම් නෙමේ. මම කොහොමත් නඩාල්ට එරෙහිව තරග කරන්න කැමතියි මොකද එයා තමයි මේ ක්‍රීඩාවේ සිටින හොඳම සටන්කාමියා. එයා වේදනාවෙක් ඉන්නවා දකින්න මම කැමති නෑ” යයි තරගයෙන් අනතුරුව ඩෙල් පොට්රෝ පැවසීය. 29 හැවිරිදි ඩෙල් පොට්රෝ ක්‍රීඩා කරන දෙවැනි ප්‍රධාන පෙළේ අවසන් මහ තරගය මෙයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.