Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් තමා ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගි වන්නේද නැත්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව 34 හැවිරිදි ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් පවසයි.
මේ වන විය ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි ස්ථානයේ පසුවන නඩාල්, ඉකුත් සතියේදී නිමාවට පත්වූ ඉතාලි විවෘත ශූරතාවලිය ජයගත්තේ අවසන් මහ තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියාවේ නොවැක් ජොකොවික් පරාජය කරමිනි.
ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශූරතා 4 ක්, විම්බල්ඩන් ශූරතා 2 ක් සහ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 කට හිමිකම් කියන නඩාල්, පවසන්නේ පවතින තත්ත්වය මත තමාගේ ඉදිරි කාල සටහන කෙසේ වේවිදැයි තමාවත් නොදන්නා බවය.
“මේ වන විට ලෝකය පුරා පවතින වසංගත තත්ත්වය යටතේ ඔලිම්පික් තරගාවලිය අහිමිවීම ගැන මම කිසිවක් හිතන්නෙ නැහැ. ඉදිරියේදී කුමක් වේවිදැයි අපි කාටවත් හරියටම කියන්න බැහැ.” යැයි 2008 වසරේදී කේවල ඉසව්වෙන්ද, 2016 වසරේදී යුගල ඉසව්වෙන්ද ඔලිම්පික් රන් පදක්කම් දිනූ නඩාල් මාධ්‍ය වෙත පැවසීය.
“මට දැන් මගේ කාල සටහන හරි ආකාරයකට සකසා ගැනීමට අවශ්‍යයි. සාමාන්‍ය වසරකදී නම් ජනවාරි මාසයේ 1 වැනිදා ඉදලා වසර අවසන් වෙනකන් මගේ කාල සටහන මොකක්ද කියලා මම 100% ක්ම දන්නවා. ඒත් මේ වසර ඊට හාත්පසින්ම වෙනස්” යැයිද නඩාල් වැඩි දුරටත් පැවසීය.
“මේ වෙලාවෙ අපි නම්‍යශීලී විය යුතුයි. ඒ වගේම සිදුවෙමින් පවතින දේවල් වලට අනුවර්ථනය විය යුතුයි.” යැයි ඉතාලි විවෘත ශූරතාවලිය නිමා වීමෙන් අනතුරුව පැවැති එම මධ්‍ය හමුවේදී නඩාල් අවසන් වශයෙන් කියා සිටියේය.
නඩාල් එසේ පැවසීමට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් දිනා සිටින ඇමරිකාවේ සෙරීනා විලියම්ස් මෙන්ම ඇගේ ප්‍රබලම ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන ජපානයේ නයෝමි ඔසාකාද කොරෝනා වසංගත හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අස්ථාවර බව පවසා ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.