Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික මහ ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට හෙල්ල විසි කිරීමේ ශූරී නදීකා ලක්මාලි ඊයේ (3 වැනිදා) සමත් වූවාය. මෙම කී‍්‍රඩා උළෙලේදී ඇයගෙන් අපේක්ෂිත දස්කම් පළ නොවූවත් මීටර් 57.89 ක දුරක් හෙල්ල විසිකරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට නදීකා සමත්වූවාය.
මෙවර ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් නව ශ්‍රී ලංකා වාර්තාවකට සහ නව තරග වාර්තා දෙකකට පමණක් සීමාවී තිබිණ. පසුගිය වසරේ කොළඹ සුගතදාස පිටියේදී පැවැති 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී නව මලල ක්‍රීඩා වාර්තා 12ක් පිහිටුවන ලදි.
අවසන් දිනයේ මලල ක්‍රීඩා තරග ප්‍රතිඵල
මීටර් 400 (පිරිමි)
1. කල්හාර සෙනවිරත්න - උතුරු මැද (තත් 47.08)
2. දිල්හාන් ආලෝක - බස්නාහිර (තත් 47.17)
3. ආර්. ජේ. එම්. ජයසේකර - මධ්‍යම (තත් 47.21)
මීටර 110 කඩුලූ පැන දිවීම (පිරිමි)
1. කේ.පී. නිර්මාල් - බස්නාහිර (තත් 14.80)
2. ගයන්ත කුමාර - වයඹ (තත් 15.34)
3. එස්. එස්. අමරතුංග - බස්නාහිර (තත් 15.34)
මීටර් 100 කඩුලූ පැන දිවීම (කාන්තා)
1. එම්. වීරසිංහ - සබරගමුව (තත් 14.70)
2. ජී.වී.එච්.එම්. කුමාරි - සබරගමුව (තත් 15.81)
3. ඉරේෂානි රාජසිංහ - වයඹ (තත් 15.87)
හෙල්ල විසිකිරීම (කාන්තා)
1. නදීකා ලක්මාලි - දකුණ (මීටර් 57.89) * නව තරග වාර්තාවකි
2. ඈන් මහේෂි ද සිල්වා - බස්නාහිර (මීටර් 47.47)
3. අරුණි ලක්ෂිකා - බස්නාහිර (මීටර් 43.59)
මීටර් 100 (පිරිමි)
1. පී.ඒ.සී. නදීෂාන් - මධ්‍යම (තත් 10.96)
2. උමංග සංජීව - බස්නාහිර (තත් 10.89)
3. ඒ.එස්. පතිරණ - මධ්‍යම (තත් 11.04)
මීටර 1500 (පිරිමි)
1. පී.එම්. චමල් - දකුණ (වි: 3 තත් 59.20)
2. ආර්.කේ.සී.එස්. සෝමවර්ධන - සබරගමුව (වි: 4 තත් 00.70)
3. ඞී.ජී.ජේ. විජේනායක - මධ්‍යම (වි: 4 තත් 02.45)
මීටර 400 (කාන්තා)
1. චන්ද්‍රිකා සුභාෂිණි රත්නායක - වයඹ (තත් 54.52)
2. එම්.කේ.එල්.ඒ. නිමාලි - දකුණ (තත් 55.34)
3. දීපිකා සඳමාලි - උතුරු මැද (තත් 55.63)
මීටර් 100 (කාන්තා)
1. ජානි චතුරංගි ද සිල්වා - වයඹ (තත් 12.28)
2. යමුනා අබේවික්‍රම - මධ්‍යම (තත් 12.37)
3. එස්.සී.බී. ප්‍රියදර්ශනී - බස්නාහිර (තත් 12.46)
මීටර් 1500 (කාන්තා)
1. ගයන්තිකා අබේරත්න - දකුණ (වි: 4 තත් 34.28)
2. ඩබ්.පී.ඊ.ආර්. දුලක්ෂි - දකුණ (වි: 4 තත් 35.88)
3. යූ.කේ.එන්. රත්නායක - සබරගමුව (වි 4 තත් 41.65)
මීටර් 4X400 කාන්තා සහාය දිවීම
1. දකුණු පළාත් කණඩායම (වි: 3 තත් 49.09)
2. මධ්‍යම පළාත් කණ්ඩායම (වි: 3 තත් 48.75)
3. සබරගමුව පළාත් කණ්ඩායම (වි: 3 තත් 56.70)
ඡයාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.