Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විදේශගතව සිටියදී පුහුණුවීම් මගහැරිය බවට චෝදනා එල්ලවී තිබෙන ජාතික හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලිට එරෙහිව පැවැත්වෙන විනය පරීක්‍ෂණය සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.
මලල ක‍්‍රීඩා සංගම් විනය කමිටුවේ සභාපති අජිත් නාරගල, කමිටු සාමාජික එච්.ඩබ්. නිමල්සිරි හා මලල ක‍්‍රීඩා සංගමයේ උප ලේකම් බර්නාඞ් පෙරේරා යන මහත්වරු එම ත‍්‍රිපුද්ගල කමිටුවට නම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය පවත්වා තමන්ට වාර්තාවක් දෙන ලෙස මලල ක‍්‍රීඩා සංගමය කමිටුවට දැනුම්දී තිබේ.
පින්ලන්තයේදී නේවාසික පුහුණුවීම් සඳහා යවන ලද නදීකා ලක්මාලි එහිදී පුහුණුවීම් අතපසු කරමින් කටයුතු කළ බවට ඇයට මේ වන විට චෝදනා එල්ලවී තිබේ. ඒ සම්බන්ධයෙන් ඇගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කළ ඒ.ජේ. රුද්‍රිගු (කනිෂ්ඨ) මහතා ලිපියක් මගින් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි දැඩි අවධානය යොමුකළ මලල ක‍්‍රීඩා සංගමයේ විධායක සභාව ඇයට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කළේය.
පින්ලන්තයේදී අවස්ථා කීපයකදීම පුහුණුවීම් සඳහා සහභාගී වූ නදීකා ලක්මාලි අවසන් වරට අන්තර් ජාතික තරගාවලියකට සහභාගී වූයේ පසුගියදා ”ඉංචියොන්” නුවරදී පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහාය. ඇය ඒ සඳහා සහභාගී වූයේ පින්ලන්තයේ සිට ඉංචියොන් නුවරට කෙළින්ම ළඟාවීමෙනි.
කෙසේවුවත් ”ඉංචියොන්” නුවරදී ඇගේ හැසිරීම් කෙරෙහිද මෙම විනය පරීක්‍ෂණයේදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තාවේ.
ඉංචියොන් නුවරදී ඇගේ හැසිරීම් මතභේදාත්මක වූ බව ඇගේ පෞද්ගලික පුහුණුකරු ලෙස එතෙක් කටයුතු කළ ඒ.ජේ. රුද්‍රිගු මහතා අදාළ ලිපියෙන් කරුණු දක්වා ඇතැයිද වාර්තාවේ.
ඒ හේතුවෙන් විනය පරීක්‍ෂණයේදී ‘ඉංචියොන්’ ආසියානු කී‍්‍රඩා තරග සංචාරයට සහභාගී වූ ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරු ඇතුළු තවත් නිලධාරීන් කීපදෙනකුගෙන්ද පරීක්‍ෂණයේදී කටඋත්තර ලබා ගනු ඇතැයි වාර්තාවේ. නදීකා ලක්මාලිගේ පින්ලන්ත සංචාර සඳහා රුපියල් මිලියන 7.5 ක් පමණ වැය කර ඇතැයිද වාර්තාවේ.
රුසියාවේ මොස්කව් නුවරදී පසුගිය අගෝස්තු මාසයේදී (2013) පැවැති ලෝක මලල ක‍්‍රීඩා ශුරතාවලියේදී හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වේ හොඳම 12 දෙනා අතරට පැමිධෑම නිසා නදීකා කෙරේ බොහෝ දෙනා බලාපොරොත්තු තැබූහ.
කෙසේවුවත් ආසියානු ශූරතා රිදී පදක්කම්ලාභිනියක්ද වන ඇගේ දස්කම් පසුගිය කාලයේ අවම මට්ටමකට පැමිණ තිබීමෙන් ඉංචියොන් ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ඇගෙන් පදක්කමක් ලබා ගැනීමේ මලල ක‍්‍රීඩා සංගමයේ අපේක්‍ෂාව බිඳ වැටුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.