Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නමවැනි අදියරේ ජය බෙන් ඕ'කෝනර්ට

නමවැනි අදියරේ ජය බෙන් ඕ'කෝනර්ට

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ නමවැනි අදියර ජයගැනීමට ඕස්ට්‍රේලියාවේ බෙන් ඕ'කෝනර් සමත් විය. ක්ලූසස් නගරයේ සිට ටිග්නස් නගරය දක්වා කිලෝ මීටර් 144.9 ක දුරකින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා කෝනර්ට ගත වූ කාලය පැය 4 යි, විනාඩි 26 යි, තත්ත්පර 43 කි.

විසිපස් වැනි වියේ පසුවන කෝනර්, ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. මෙම ජයග්‍රහණයත් සමග සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද කෝනර්ට හැකි වූ ‍අතර මේ වන විට ඔහු තරගයේ පෙරමුණ ගෙන සිටින ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර්ට වඩා විනාඩි 2 යි, තත්ත්පර 1 ක් පසුපසින් සිටියි.

කෝනර් වඩා විනාඩි 5 යි, තත්ත්පර 07 ක් පසුපසින් තරගය නිමා කළ ඉතාලියේ මාටියා කැටානියෝ නමවැනි අදියරේ දෙවැනි ස්ථාන හිමිකර ගත්තේය. ඉතාලියේ සොනී කොල්බ්‍රෙලි එහි තෙවැනි ස්ථානයට හිමිකම් කීවේ කෝනර්ට වඩා විනාඩි 5 යි, තත්ත්පර 34 ක් පසුපසින් තරගය නිමා කරමිනි.  

“ඇත්තටම මෙය මගේ සිහිනයක්. ප්‍රංශ පාපැදි සවාරියට සහභාගි වීම තමයි මගේ පළමු සිහිනය වුණේ. එහිදී ජයග්‍රහණයක් ලැබීම දෙවැනි සිහිනයයි. මා‍ කෙරෙහි විශ්වාසය තැබූ මගේ දෙමාපියන්, මගේ පෙම්වතිය, මගේ යහළුවන් සහ සමීපතම හිතවතුන් ඊට සාක්ෂි දරයි. මෙතෙක් මා පැමිණි ගමන ඉතාම දුෂ්කර එකක්. දැන් මගේ හිත නිදහසේ පියාඹනවා.” යැයි 9 වැනි අදියරේ ජයග්‍රහණයෙන් අනතුරුව‍ කෝනර් පැවසීය.

නමවැනි අදියර ජයගැනීමට කෝනර් සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ස්ලෝවේනියාවේ  පොගාකාර් සමත්ව සිටියි. ඒ අනුව ඔහු තරගයේ 10 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 9 නිමා කිරීම සඳහා පො‍ගාකාර්ට පැය 34 යි, විනාඩි 11 යි, තත්ත්පර 10 ක කාලයක් ගත වී ඇත.

පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 18 ක් පසුපසින් සිටින කොලොම්බියා‍වේ රිගෝබර්ටෝ යුරන් සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේද, පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 23 ක් පසුපසින් සිටින ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් එහි තෙවැනි ස්ථානයේද රැදී සිටිති.


නමවැනි අදියරේ ජයග්‍රාහකයෝ
1 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 4:26:43
2 මැටියා කැටානියෝ (ඉතාලිය) - පැය 4:31:50
3 සොනී කොල්බ්‍රෙලි (ඉතාලිය) - පැය 4:32:17
4 ගයිලූම් මාටින් (ප්‍රංශය) - පැය 4:32:19
5 ෆ්රෑන්ක් බොන්නමූර් (ප්‍රංශය) - පැය 4:32:45
6 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 4:32:45
7 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 4:33:17
8 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය)  - පැය 4:33:17
9 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 4:33:17
10 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 4:33:17


සමස්ත තරගයේ ප්‍රතිඵල
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 34:11:10
2 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 34:13:11
3 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 34:16:28
4 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 34:16:42
5 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) -  පැය 34:16:43
6 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 34:16:57
7 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 34:17:08
8 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 34:17:22
9 ගයිලූම් මාටින් (ප්‍රංශය) - පැය 34:18:12
10 ඩේවිඩ් ගවුඩු (ප්‍රංශය) - පැය 34:18:32

 


-036


අදහස් (0)

නමවැනි අදියරේ ජය බෙන් ඕ'කෝනර්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.