Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘නරියා කන්ද සුපර්ක්‍රොස්’ තරගාවලිය 22 වැනි වතාවටත් අපේ‍්‍රල් මස 19 වැනිදා උදෑසන 9.00 සිට දියතලාව, නරියා කන්ද ධාවන පථයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට සහභාගී වන කී‍්‍රඩකයන් සංඛ්‍යාව 200 කට ආසන්න වන අතර ඊට ප‍්‍රධාන පෙළේ ඉන්දීය මෝටර් රථ රියදුරන් දෙදෙනකු සහ යතුරුපැදි ධාවකයන් තිදෙනකුද සහභාගී වීමට නියමිතය.
දක්ෂතම මෝටර් රථ රියදුරා සහ යතුරුපැදි ධාවකයා තෝරාගැනීමේ තරගද සමගින් මෝටර් රථ තරග 12 කින් සහ යතුරුපැදි තරග 12 කින් මෙම තරගාවලිය සමන්විත වේ.
මෙහිදී රෙඞ්බුල් සමාගමේ අනුග‍්‍රහය යටතේ මෙරටට පැමැණිමට නියමිත ලෝක යතුරුපැදි ධාවන තරග වල මුල් 20 දෙනා අතර සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහොමඞ් බාලූෂී, නරියා කන්ද ධාවන පථයේ නවීකරණ කටයුතු කරමින් තරගාවලියට නව මුහුණුවරක් ලබාදීමටත්, මෙරට යතුරුපැදි ධාවකයන් සඳහා පුහුණු වැඩමුළුවක් සහ නිදර්ශනයක් පැවැත්වීමටත් නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය එක්ව යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරයි.
තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් ලෙස සිපැට්කෝ සමාගම සහ සියැට් ආයතනය කටයුතු කරන අතර කොකාකෝලා සමාගම එහි නිල සිසිල් බීම සැපයුම්කරු ලෙස කටයුතු කරයි.
සියැට් ආයතනයේ අළවි හා ප‍්‍රවර්ධන උප සභාපති රවී ඩඞ්ලානි මහතා විසින් බි‍්‍රගේඩියර් ඉඳුනිල් රණසිංහ මහතාට අනුග‍්‍රාහක චෙක්පත බාරදෙන අයුරු....
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.