Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාත් මෝටර් රථ සංගමය සංවිධානය කළ ‘ජීප් රැන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැළියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට නලීන් පේ‍්‍රමරත්න (රියැදුරු) සහ ලසිත රාජපක්ෂ (සහයක රියැදුරු) සමත්වූහ.
ආලෝක ද සිල්වා (රියැදුරු) සහ මීශා ගුණවර්ධන (සහයක රියැදුරු) එහි අනු ශූරතාව හිමි කරගත් අතර සෑම් චන්ද්‍රසෝම (රියැදුරු) සහ මෙතුන් ශානක (සහයක රියැදුරු) සමස්ථ තරගයේ තෙවැනි ස්ථානයට පත්වූහ.
අදියර දෙකකික් සමන්විත වූ මෙම තරගයේ පළමු අදියර, 6 වැනියා ලෙස නිමාකළ නලීන් පේ‍්‍රමරත්න (රියැදුරු) සහ ලසිත රාජපක්ෂ (සහයක රියැදුරු), අනෙක් තරගකරුවන්ට වඩා වැඩි ලකුණු පරතරයක් රඳවා ගනිමින් පහසුවෙන්ම දෙවැනි අදියර ජයගත්හ.
තරගයේ පළමු අදියර ජයගැනීමට සෆ්රාස් ජුනේඞ් (රියැදුරු) සහ සෆ්රාස් හම්සුඞීන් (සහයක රියැදුරු) සමත් වුවද දෙවැනි අදියරේදී ඔවුන්ට සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ඒ අනුව ඔවුන්ට සමස්ථ තරගයේ සිව්වැනි ස්ථානය හිමිවිය.
පළමු අදියරේදී තරගකරුවන්ට මාතර සිට මොරවක දක්වා ගමන් කිරීමට සිදුවූ අතර එහිදී ඔවුන්ට කැකණඳුර, කිරින්ද, කඹුරුපිටිය, දෙයියන්දර, මාවරල, මූලටියන, අකුරුස්ස, දෙදියගල, පිටබැද්දර සහ දෙරණගල යන ප‍්‍රදේශ පසුකිරීමට සිදුවිය.
දෙවැනි අදියරේදී බෙරලපනාතර, දෙණියාය, බුත්කන්ද, කොලොන්න, පනාමුරේ, උඩවලව, සෙවණගල, පදලංගල, ඇඹිලිපිටිය, මිද්දෙණිය, වලස්මුල්ල, වීරකැටිය, හක්මන සහ යටියන හරහා මොරවක සිට මාතර දක්වා නැවත පැමිණීමෙන් තරගය අවසන් විය.
මාතර සිට මොරවක දක්වා ගමන් කිරීමේදී මෙන්ම මොරවක සිට මාතර දක්වා නැවත පැමිණීමේදී තරගකරුවන්ට නිවැරදි ගමන් මාර්ගය සොයා ගනිමින්, කාලය කලමනාකරණය කර ගනිමින් සහ අභියෝග රැසකට මුහුණ දෙමින් තම මෝටර් රථය පැදවීමට සිදුවිය.
එහිදී ඔවුන් අතින් සිදුවන වැරදි වෙනුවෙන් ලකුණු කපාහැරීමක් සිදුවූ අතර සමස්ථ තරගය අවසානයේ වැරදි අඩුම ප‍්‍රමාණයක් සහිතව තරගයක අවසන් කළ රියැදුරා සහ සහයක රියැදුරා තරගයේ ජයග‍්‍රාහකයෝ ලෙස සම්මාන දිනාගත්හ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී පළමු හා දෙවන අදියරය ජයග‍්‍රාහකයන් සඳහාද, නවකයන් සඳහාද, මෝටර් රථ සඳහාද, රැළිය සඳහා වෙනස්කම් නොකරන ලද මෝටර් රථ සඳහාද, සමස්ත තරගාවලියේ ජයග‍්‍රාහකයන් සඳහාද කුසලාන පිරිනැමිණ.
තරග ප්‍රතිඵල
ස්ථානය | අංකය | නම | ඍණ ලකුණු |
---|---|---|---|
1 | 2 | නලින් ප්‍රේමරත්න (රියැදුරු) ලසිත රාජපක්ෂ (සහයක රියැදුරු) | 269 |
2 | 9 | ආලෝක ද සිල්වා (රියැදුරු) මීශා ගුණවර්ධන (සහයක රියැදුරු) | 289 |
3 | 8 | සෑම් චන්ද්‍රසෝම (රියැදුරු) මෙතුන් ශානක (සහයක රියැදුරු) | 363 |
4 | 7 | සෆ්රාස් ජුනේඩ් (රියැදුරු) සෆ්රාස් හම්සුඩීන් (සහයක රියැදුරු) | 382 |
5 | 10 | කැලුම් බුද්ධික (රියැදුරු) සරිදු ගමගේ (සහයක රියැදුරු) | 693 |
6 | 21 | එම්. පී. වීරසිංහ(රියැදුරු) ටී. එස්. සේනානායක (සහයක රියැදුරු) | 930 |
7 | 14 | දමිත ද සිල්වා (රියැදුරු) ලාල් වැල්ලක්කගේ (සහයක රියැදුරු) | 1132 |
8 | 24 | අසිත අමරසිංහ (රියැදුරු) චාමික චලන (සහයක රියැදුරු) | 1136 |
9 | 11 | අශාන් සිල්වා (රියැදුරු) ඉර්ෆාන් ෆෝඩ් (සහයක රියැදුරු) | 1220 |
10 | 19 | ඉස්වාන් අහමඩ් (රියැදුරු) එස්. කේ. කිසාල් (සහයක රියැදුරු) | 1233 |
11 | 17 | රෝහිත අමරසිංහ (රියැදුරු) ගේබ්‍රියල් රොක්වුඩ් (සහයක රියැදුරු) | 1332 |
12 | 20 | එම්. සී. පෙරේරා (රියැදුරු) ජේ. රත්නායක (සහයක රියැදුරු) | 1370 |
13 | 12 | අජිත් ප්‍රනාන්දු (රියැදුරු) මංජුල ගුණවර්ධන (සහයක රියැදුරු) | 1434 |
14 | 22 | එම්. ටී. ද අල්විස් (රියැදුරු) කේ. එස්. පීරිස් (සහයක රියැදුරු) | 1552 |
15 | 5 | ඩී. ඩී. ජයවර්ධන (රියැදුරු) අයි. ජේ. ජයවර්ධන (සහයක රියැදුරු) | 1621 |
16 | 18 | ඩෑන් ද සිල්වා (රියැදුරු) චමීර සුරවීර (සහයක රියැදුරු) | 1623 |
17 | 6 | ප්‍රශාන් විජේනායක (රියැදුරු) මුදිත අධිකාරි (සහයක රියැදුරු) | 1629 |
18 | 16 | විරාජ් කුමාර (රියැදුරු) සුරංග බුද්ධික (සහයක රියැදුරු) | 1661 |
19 | 3 | සුමින්ද සිල්වා (රියැදුරු) ශේන් ගුණරවර්ධන (සහයක රියැදුරු) | 1820 |
20 | 29 | ඒ. ඒ. රණවීර (රියැදුරු) එස්. එල්. සමරසිංහ (සහයක රියැදුරු) | 1874 |
21 | 26 | කේ. පී. වනිගරත්න (රියැදුරු) අසංක සමරජීව (සහයක රියැදුරු) | 1875 |
22 | 13 | රමීස් මහුමූර් (රියැදුරු) කලීම් ඉක්බාල් (සහයක රියැදුරු) | 2526 |
23 | 25 | එස්. ඒ. පතිරගේ (රියැදුරු) කේ. පී. ධර්මසේන (සහයක රියැදුරු) | 3007 |
24 | 27 | ඩබ්ලව්. ජී. හේමන්ත (රියැදුරු) අයි. ඒ. වික්‍රමසිංහ (සහයක රියැදුරු) | 3020 |
25 | 30 | ඉසුරු අරඹවෙල (රියැදුරු) එස්. පෙරේරා (සහයක රියැදුරු) | 3020 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.