Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නව තරග වාර්තා 6 ක්
ජාතික යොවුන් ක්‍රීඩා

නව තරග වාර්තා 6 ක්

editorial - 2021 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේ දී අද (20) ආරම්භ වූ 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනයේදීම නව තරග වාර්තා හයක් පිහිටුවීමට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

එහිදී මූලික වටයේ තරග දෙකකදීත් නව වාර්තා දෙකක් වාර්තාවීම කැපී පෙණුනි. වසර 11ක් පැරණි යගුලිය විසිකිරීම වයස 20න් ඉහළ – පිරිමි ඉසව්වෙන් එහිදී මීටර් 14.05 කට නව වාර්තාව පිහිටුවූයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩබ්.එස්. මධුශංඛ විසිනි.

ඒ වසර 2011 ක්‍රීඩා උළෙලේ දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු ඩබ්.ඒ.ටී. සම්පත් මීටර් 14.05කට පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිඳ දමමිනි.

ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් මෙවරත් සංවිධානය කරන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් තරග ඉසව් ගණනාවක් හෙටත් අනිද්දාත් (21-22) සුගතදාස පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වසර 2020ට නියමිතව තිබූ 32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අත්හැර දමින් මෙම වසරට නියමිත 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට මෙහිදී ජාතික තරුණ සේවා සභාව උනන්දුවී තිබේ.

මෙම දින තුනේ දී ඒ අනුව වයස 20 න් පහළ හා 20න් ඉහළ පරිදි කාන්තා හා පිරිමි මලල ක්‍රීඩා ඉසව් 68ක් පවත්වා අවසන් කෙරේ.

අද පැවැති මීටර 10000 – වයස 20න් ඉහළ – පිරිමි තරගයේ ජය විනාඩි 33 තත්පර 20.79 කට හිමිවූයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩබ්.එස්. රමේෂ්ටය.

වයස 20න් ඉහළ කාන්තා කාණ්ඩයේ මීටර් 5000 ඉසව්ව ජය ගත්තේ ආර්.ඩබ්.එන්. නිදර්ශනී මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. ඒ විනාඩි 18 තත්පර 24.70 කටය.

 

33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ අද (20) දිනයේ මලල ක්‍රීඩා නව වාර්තා

● යගුලිය විසි කිරීම (වයස 20න් ඉහළ – පිරිමි):- ඩබ්.එස්. මධුසංඛ (මීටර 16.43 – කොළඹ)
● හෙල්ල විසි කිරීම (වයස 20න් පහළ – කාන්තා):- ඩී.ඩබ්.අයි. හසන්ති (මීටර් 42.35 – අම්පාර)
● මීටර් 800 (වයස 20න් පහළ – කාන්තා):- කේ. ශානිකා ලක්ෂාණි (විනාඩි 2 තත්පර 11.27 – ගම්පහ)
● මීටර 800 (වයස 20න් පහළ – පිරිමි):- එස්.ජී.එන්.ඩී. බුලුගහපිටිය (විනාඩි 1 තත්පර 54.23 මහනුවර)
● මීටර 100 – කඩුලු (වයස 20න් පහළ – කාන්තා - මූලික වටය) පී. රක්ෂාණා (තප්පර 15.22 – මඩකලපුව)
● මීටර 110 – කඩුලු (වයස 20න් පහළ – පිරිමි):- නඳුන් කවීෂ බණ්ඩාර (තප්පර 14.27 – ගම්පහ)
● ඡායාරූප:- වසර 11ක් පැරණි යගුලිය විසි කිරීම ඉසව්වේ නව වාර්තාව පිහිටුවූ ඩබ්.එම්. මධුසංඛ
● මීටර් 10000 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඩබ්.එස්. රමේෂ් අංක 589 පැළඳ ඉදිරියෙන්.


අදහස් (0)

නව තරග වාර්තා 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.