Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නව ශී‍්‍ර ලංකා වාර්තා 2 යි, තරග වාර්තා 2 යි

නව ශී‍්‍ර ලංකා වාර්තා 2 යි, තරග වාර්තා 2 යි

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නව ශ‍්‍රී ලංකා වාර්තා දෙකක් බිහිකරමින් 93 වැනි ජාතික මලල ක‍්‍රීඩා තරඟාවලිය අද (26) නිමාවට පත්විය. නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකට අමතරව නව තරගාවලි වාර්තා දෙකක්ද මෙම තරගාවලියේදී පිහිටුවනු ලැබිණ.

මීටර් 3000 බාධක දීවීම (කාන්තා මිනිත්තු 10.09.49 කින් අවසන් කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ යූ. කේ. එන්. රත්නායක සහ රිටි පැනීම කාන්තා තරඟ ඉසව්වේදී මීටර් 3.33 උසක් වාර්තා කළ ශ‍්‍රී ලංකා නාවික හාමුදාවේ ආර්. ඒ. අනෝමා කරුණාවංස නව ශී‍්‍ර ලංකා වාර්තා පිහිටුවීමට සමත් වූහ.


කාන්තා තුන්පිම්ම ඉසව්ව මීටර් 13. 30ක දුරක් වාර්තා කළ පාසැල් මලල ක‍්‍රීඩා සංගමය නියෝජනය කළ මීගමුව නිවුස්ටඞ් බාලිකා විද්‍යාලයේ එච්. ඞී. විදූෂා ලක්ෂානි හා මිටිය විසි කිරිම කාන්තා ඉසව්වෙන් මිටර් 42. 22ක  වාර්තා කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඒ. ඩබ්. ඒ. එස්. එම්. අමරසිංහ නව තරග වාර්තා පිහිටුවීමට සමත් වූහ.


ඒ සමගම ඩන්කන් වයිට් අභියෝගතා කුසලානය දිනාගැනීමට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ එස්. එම්. අරවින්ද චතුරංග සමත් වුයේය. ඔහු මිටර් 400 කඩුලූ පැන දිවීමේ ඉසව්ව මිනිත්තු 51.57 ක දස්කම් පෙන්වූ ක‍්‍රීඩකයෙකි. හෙල්ල විසිකිරිම (පිරිමි) ඉසව්වෙන් මිටර් 76. 51 ක දස්කමක් පෙන්වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ආර්. එම්. එස්. ජේ. රණසිංහ සී. සී. දිසානායක අභියෝගතා කුසලානය හිමිකර ගත්තේය.


හෝර්ලික්ස් අභියෝගතා කුසලානය හිමිකර ගත්තේ මීටර් 100 කෙටි දුර දිවීම (පිරිමි* තත් 10.47කින් නිමාකළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඩබ්. කේ. හිමාෂ ඒෂාන් විසිනි.  චන්දි කන්නන්ගර අනුස්මරණ අභියෝගතා කුසලානය මීටර් 400 (කාන්තා) තත්.53.79න් අවසන් කළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ආර්. එම්. සී. එස්. රස්නායක හිමිකර ගත්තාය.


ගේ‍්‍රලයින් ගෲප් අභියෝගතා කුසලානය මිටර් 1500 (කාන්තා) ඉසව්ව මිනිත්තු 4.22.78 න් අවසන් කළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩබ්. පී. එෆ්. ආර්. දුලක්ෂි දිනාගත් අතර ඇය ග්ලූකොලින් අභියෝගතා කුසලානයටද හිමිකම් කීමට සමත් වුවාය.


මීටර් 3000 බාධක දිවිම (කාන්තා) තරගය මිනිත්තු 10. 09.49න් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් මෙන්ම නව ශ‍්‍රී ලංකා වාර්තාවක් තැබු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ යූ. කේ. එන්. රත්නායක හක්ස්ලීස් වින්ටජිනෝ අභියෝගතා කුසලානය හා කොළඹ අපනාශාලා කමිටු අභියෝගතා කුසලානය හිමිකර ගත්තාය.


පාසැල් මලල ක‍්‍රිඩා සංගමය නියෝජනය කරමින් තුන්පිම්ම (කාන්තා* ඉසව්වෙන් නව තරඟාවලි වාර්තාවක් තැබු එච්. ඞී. වි¥ෂා ලක්ෂානි එච්. එන්. බී. අභියෝගතා කුසලානය හිමිකර ගත්තාය.


ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බී. එල් නදීකා ලක්මාලි හෙල්ල විසිකිරිම මිටර් 57.47 ක් වාර්තා කරමින් සැලොන්ප්ලාස්  අභියෝගතා කුසලානය දිනාගත්තාය.
ආණ්ඩුකාර අභියෝගතා කුසලානය දිනාගනු ලැබුවේ මිටර් 800 (පිරිමි* මිනිත්තු 1.49.93 න් අවසන් කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉඳුනිල් මදුෂාන් හේරත් දිනාගත්තේය.


මෙවර ජාතික මලල ක‍්‍රීඩා තරඟාවලිය ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග‍්‍රාහකත්වයෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගයේදී පැවැත්වුණ අතර මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1116 ක් තරඟ වැදුණහ.
තරඟාවලියේ ජයග‍්‍රාහකයින් වෙත ජය සංකේත ප‍්‍රදානය අද  සවස 4.00ට සංචාරක හා ක‍්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් එම්. අයි. එම්. රෆීක් මහතාගේ හා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

 


 


 

රිටි පැනීම (පිරිමි)

   
1. එම්. එච්. අයි. සඳරුවන් (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 4.75
2. එච්. ඞී. චින්තක දිනේෂ් (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මීටර් 4.50
3. කේ. කාන්තීදන් (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 4.50
4. එල්.ඒ. ආර්. කේ. කේ. බාලසූරිය (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 4.50


කවපෙත්ත විසිකිරීම (කාන්තා)
1. අමන්ති සිල්වා (පාසැල් මලල ක‍්‍රිඩා සංගමය) මීටර් 39.46
2. පී. කේ. ඒ. ඒ. මදුවන්ති (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 38.90
3. ඩබ්. එම්. එස්. කේ. වීරසේකර (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 38.84


දුර පැනීම (කාන්තා)
1. එච්. දෝන විදූෂා ලක්ෂානි (නිවුස්ටඞ් බාලිකා විදුහල මීගමුව)   මීටර් 5.96
2. එල්. ඞී. ඞී. ඊ. රත්නසිරි (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 5.96
3. එන්. සී. ඞී. ප‍්‍රියදර්ශනී (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මීටර් 5.94


කවපෙත්ත විසිකිරිම (පිරිමි)
1. කේ. ජී. යූ. පී. ජයවර්ධන (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මීටර් 51.65
2. ඉසඞ්. ටී. එම්. ආසික් (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිටර් 41.34
3. එච්. එම්. පී. ජි. ඞී. බී. රත්නායක (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව)  මිටර් 40.98


මීටර් 3000 බාධක දිවීම (කාන්තා)
1. යූ. කේ. එන්. රත්නායක (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි. 10.09.49 (නව ශ‍්‍රී ලංකා වාර්තා)
2. එච්. ඩබ්. එම්. කුමාරි (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මිනි. 10.57.37
3. කේ. ඞී. පී. කුමාරගේ (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මිනි. 11.23.27


මීටර් 10000 දුර දිවීම (කාන්තා)
1. එන්. ජී. රාජසේකර (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි.34.50.39
2. එස්. ඒ. ළමාහේවා (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මිනි. 35.44.11
3. බී. ජී. එල්. ඒ. බෝගහවත්ත (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මිනි. 37.01.46


මීටර් 10000 දුර දිවීම (පිරිමි)
1. ඞී. එල්. සමරජීව (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි. 30.51.85
2. ආර්. එම්. වයි. ජී. එන්. බණ්ඩාර ( ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි. 30.52.58
3. බී. යූ. විජිතකුමාර (ශ‍්‍රී ලංකා යුද හමුදාව* මිනි. 31.08.52


යගුලිය දැමීම (පිරිමි)  
1. එල්. ජේ. ඞී. පෙරේරා (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මීටර් 14.68
2. සමිත ජයවර්ධන ( ශ‍්‍රී ලංකා යුද හමුදාව) මීටර් 14.15
3. යු. එස්. පී. එච්. බත්තගේ (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මීටර් 14.13


රිටි පැනීම (කාන්තා)
1. ආර්. ඒ. ඒ. කරුණාවංස (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මීටර් 3.33 (නව ශ‍්‍රී ලංකා වාර්තා)
2. එස්. ඞී. රණසිංහ (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 3.20
3. එම්. එන්. පී. සිල්වා ශ‍්‍රී ලංකා යුද හමුදාව මිටර් 3.10


තුන්පිම්ම (කාන්තා)
1. එච්. දෝන විදූෂා ලක්ෂානි (නිවුස්ටඞ් බාලිකා විදුහල මීගමුව) මීටර් 13.30 (නව තරගාවලි වාර්තා)
2. කේ. ඒ. එස්. දුලංජනී (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මීටර් 12.33
3. බී. වී. පූජා දිව්‍යංගි බණ්ඩාර (ශ‍්‍රී ලක් ක‍්‍රීඩා සමාජය) මීටර් 12.06


මීටර් 100 (කාන්තා)
1. එන්. සී. ඞී. ප‍්‍රියදර්ශනී (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) තත්.12.30
2. ඒ. ජී. ටී. එස්. කරුණාතිලක (ශ‍්‍රී ලංකා යුද හමුදාව)තත්.12.39
3. එන්. නදීෂානි වරාගොඩ (පොලිස් ක‍්‍රීඩා සමාජය) තත්.12.43


හෙල්ල විසිකිරිම (කාන්තා)
    1. බී. එල්. නදීකා ලක්මාලි (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මීටර් 57.47
    2. එච්. එල්. එන්. ඞී. ලේකම්ගේ (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මීටර් 52.40
    3. කේ. ඒ. එම්. සිල්වා (ශ‍්‍රී ලංකා නාවික හමුදාව) මිටර් 51.60


මීටර් 100 (පිරිමි)
1. ඩබ්. කේ. හිමාෂ ඒෂාන් (ශ‍්‍රී ලංකා යුද හමුදාව) තත්.10.49
2. ඒ. එල්. එම්. අෂ්රොෆ් (ශ‍්‍රී ලංකා යුද හමුදාව) තත්. 10.58
3. ෂාන් සඳරුවන් අඹේපිටිය (ශ‍්‍රී ලංකා යුද හමුදාව) තත්.10.66


මීටර් 1500 (කාන්තා)
1. ඩබ්. පී. එෆ්. ආර්. දුලක්ෂි (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි. 4.22.78
2. යු. කේ. එන්. රත්නායක (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි. 4.27. 90
3. ඒ. එම්. ඞී. ආර්. අමරසිංහ (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) මිනි.4.43.38

මීටර් 1500 (පිරිමි)
1. ආර්. කේ. සී. එස්. සෝමවර්ධන (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි.3.51.27
2. ඩබ්. එස්. කේ. ප‍්‍රනාන්දු (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි.3.53.85
3. එම්. කේ. ජී. ඒ. නිශ්ශංක (ශ‍්‍රී ලංකා යුද හමුදාව) මිනි.3.54.18

 

ඡායාරූප - ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද


අදහස් (0)

නව ශී‍්‍ර ලංකා වාර්තා 2 යි, තරග වාර්තා 2 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.