Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්ත ක්‍රීඩිකාවෝ අවසන් තරගයට
කාන්තා වි:20 ලෝක කුසලාන

නවසීලන්ත ක්‍රීඩිකාවෝ අවසන් තරගයට

editorial - 2024 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ, කාන්තා විස්සයි-20 ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කාත්නා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඒඩ්න් කාසන් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවාය.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ඩීන්ඩ්‍රා ඩොටීන් පන්දු 22 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 33 ක් රැස්කළ නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඇයට නොහැකි වූවාය. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඇෆී ‍ෆ්ලෙචර් පන්දු 15 කින් නොදැවී ලකුණු 17 ක් ලබාගත්තේ හතරේ පහරක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 128 ක් ලබාගත් අතර නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන් සුසී ‍බෙට්ස් (26) සහ ජෝජියා ප්ලිමර් (33) ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 31 කට මුහුණදුන් ජෝජියා හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 28 කදී වාර්තා වූ බේට්ස්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය. නවසීලන්ත කාන්තා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඉසබෙලා ගාස් පන්දු 14 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක් රැස්කළාය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඩීන්ඩ්‍රා ඩොටීන් සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් වූ අතර ඇෆී ‍ෆ්ලෙචර් ඕවර 3 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගත්තාය. කරිෂ්මා රාමාරක් සහ ආලියා ඇලීන් එක් කඩුල්ල බැගින් බෙදාගත්හ.

 

නවසීලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 128
(සුසී බේට්ස් 26, ජෝජියා ප්ලිමර් 33, බෘෘක් හැලිඩේ 18, ඉ‍සබෙලා ගාස් නොදැවී 20, ඩීන්ඩ්‍රා ඩොටීන් 22/4, ඇෆී ෆ්ලෙචර් 23/2)

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 120
(‍හේලි මැතිව්ස් 15, ඩීන්ඩ්‍රා ඩොටීන් 33, ඇෆී ‍ෆ්ලෙචර් නොදැවී 17, ඒඩ්න් කාසන් 29/3, ඇමීලියා කෙර් 14/2)  


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩිකාවෝ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.