Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 111 ක ජයක් ලැබූ නවසීලන්ත ක්‍රීඩිකාවෝ, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 330 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 218 ක් පමණි. එහිදී සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත් කවීෂා දිල්හාරී පන්දු 98 කින් ලකුණු 84 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. එය චමරි අතපත්තු හැරණුකොට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එක්දින තරගයකදී ලබාගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 329 ක් රැස්කළ අතර ඇමීලියා කේර් (108) සහ නායිකා සොෆී ඩේවින් (137) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 199 කදී ලකුණු 229 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කාන්තා ඉනිම සවිමත් කළහ.
පන්දු 121 කට මුහුණදුන් සොෆී, සිය 6 වැනි එක්දින ශතකය ලබාගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් සමගිනි. පන්දු 106 කදී වාර්තා වූ ඇමීලියාගේ දෙවැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතර් පහර 7 කින් සමන්විත විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නිය බවට පත්වූ ඕෂධී රණසිංහ ලකුණු 68 කට කඩුලු 3 ක් දවාගත්තාය.
නවසීලන්ත කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 329
(බර්නඩීන් බෙසුයිඩෙනවුට් 25, ඇමීලියා කේර් 108, සොෆී ඩේවින් 137, ඕෂධී රණවීර 68/3, උදේෂීකා ප්‍රබෝධනී 38/2)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 218
(අනුෂ්කා සංජීවනී 17, කවීෂා දිල්හාරී 84, කාව්‍යා කාවින්දි 15, ලියා ටහූහු 31/4, ඒඩ්න් කාර්සන් 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.