Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් ලැබූ නවසීලන්ත ක්‍රීඩිකාවෝ, තවත් තරගයත් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම, පන්දු 8 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය. ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් පන්දු 53 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූ අතර පන්දු 33 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 33 ක් රැස්කළ ඇමිලීයා කේර් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 118 ක් රැස්කළහ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වූ හසිනි පෙරේරා පන්දු 36 කින් ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. හර්ෂිතා මාධවී පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක් රැස්කළාය.
ඉනිමේ අවසන් කොටසේදී වේගයෙන් ලකුණු රැස්කළ නිලක්ෂි ද සිල්වා හතරේ පහර 2 ක් සමග පන්දු 23 කදී ලකුණු 22 ක්ද, අනුෂ්කා සංජීවනී හයේ පහරක් සහ හතරේ පහරක් සමග පන්දු 13 කදී නොදැවී ලකුණු 18 ක්ද රැස්කළහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලියා ටහුහූ ලකුණු 21 කට කඩුලු 4 ක් බිඳහෙළමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 118
(හර්ෂිතා මාධවී 23, හසිනි පෙරේරා 33, නිලක්ෂි ද සිල්වා 22, අනුෂ්කා සංජීවනී නොදැවී 18, ලියා ටහුහූ 21/4)
නවසීලන්ත කාන්තා පිල - ඕවර 18.4 කදී කඩුලු 2 ක් දැවී 119
(බර්නඩීන් බෙසුයිඩෙනවුට් 24, සුසී බේට්ස් 52, ඇමීලියා කේර් නොදැවී 33)
ඇමීලියා කේර්...
හර්ෂිතා මාධවී...
හසිනි පෙරේරා...
සුසී බේට්ස්...
තරගයේ වීරයා - ලියා ටහුහූ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.