Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමේ අරමුණින් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම තරගාවලියේ එක්දින තරග 3 අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ලෝක ශූරතාවලියට අයත් තරග වන අතර එම තරග 3 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉන් අනතුරුව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පෙරහුරු විස්සයි-20 තරගයකට ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම, පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී විස්සයි-20 තරග 3 ට සහභාගි වනු ඇත.
තරග කාල සටහන
ජූනි 27 - පළමු එක්දින තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූනි 30 - දෙවැනි එක්දින තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූලි 3 - තෙවැනි එක්දින තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූලි 8 - පළමු විස්සයි-20 තරගය - පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූලි 10 - දෙවැනි විස්සයි-20 තරගය - පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූලි 12 - තෙවැනි විස්සයි-20 තරගය - පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.