Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත පිල පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහතරගයට සුදුසුකම් ලබා සිටී. එහෙත් බොහෝ දෙනාට අසන්නට අමතක වූ ප‍්‍රශ්නයක්ද තිබේ.
එනම් වසර 40 ක් පුරා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නවසීලන්ත කණ්ඩායම මුල් වරට ලෝක කුසලාන අවසන් මහ තරගයට කැඳවාගෙන ආ පුහුණුකරුවා කවුරුන්ද යන්නයි.
ඔහු මයික් ජේම්ස් හෙසන්ය. එතරම් උස මහත නැති, කුඩා සිරුරකින් යුත් මයික් හෙසන්, ලෝකයේ වෙනත් ටෙස්ට් කණ්ඩායම් වල සිටින පුහුණුකරුවන් මෙන් විශිෂ්ට ටෙස්ට් වාර්තාවක් හිමි තැතැන්තකුද නොවේ. මුහුණු පොතේ (ෆේස් බුක්) ඔහුට කැමති අය ඇත්තේ 34 ක් තරම් සුළු සංඛ්‍යාවකි.
නවසීලන්තයේ ඔටාගෝ ප‍්‍රාන්තයේ, ඩනෙඩින් නුවරදී, 1974 ඔක්තෝබර් 30 වැනිදා උපත ලබන මයිකල් ජේම්ස් හෙසන්, කි‍්‍රකට් පුහුණුකරුවකු ලෙසින් වැඩ අරඹන්නේ වසර 22 තරම් ලාබාළ වියේදීය. ඔටාගෝ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායම සමග වසර 15 ක පමණ කාලයක් කටයුතු කළ මයික් එයින් නික්මෙන්නේ වසර 2007-2008 තරගාවලියේදී එක්දින ශූරතාව ඔටාගෝ පිලට හිමිකරගැනීමට ගුරුහරුකම් දෙමිනි.
වසර 2012 දී කෙන්යානු ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් වසර දෙකකට වගකීම බාරගන්නා මයික් හෙසන්, වසරක් ගතවීමටත් මත්තෙන් සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වන්නේ තමන්ගේ ආරක්‍ෂාවට එල්ලවූ තර්ජන වලින් පවුලේ අයට ඇතිවූ බලපෑම හේතුවෙනි. එහෙත් මාස කිහිපයකින් නවසීලන්ත පුහුණුකරුවා වූ ජෝන් රයිට් (නවසීලන්ත පිලේ හිටපු ආරම්භක පිතිකරුවා මෙන්ම නායකයා) සිය තනතුරෙන් විශ‍්‍රාම ගැනීම නිසා මයික් හෙසන්ට නවසීලන්ත පිලේ පුහුණුකරු ධුරය පිරිනැමිණ.
ආජන්ටිනා ක‍්‍රිකට් පිලේ පුහුණුකරුවා ලෙසින්ද ඉතාමත් ටික කාලයක් කටයුතු කළ මයික් හෙසන් වසර දෙකකට පමණ ඉතහදී දැඩි විවේචනයට ලක්වූයේ රොස් ටේලර් නායකත්වයෙන් ඉවත් වී නවසීලන්ත නායකත්වය බ්‍රෙන්ඩන් මැකලම්ට පැවරිය යුතු යයි යෝජනා කළ හෙයිනි. එකල බ්‍රෙන්ඩන් මැකලම් සහ මයික් හෙසන් කුළුපග මිතුරන් සේද සැලකිණ.
නවසීලන්ත පිලට ලෝක කුසලාන දිනාගත හැකි වූවත් නැතත්, නවසීලන්ත කණ්ඩායමක් පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන විට බ්‍රෙන්ඩන් මැකලම් ඉතාමත් සාර්ථක පිතිකරුවකු මෙන්ම නවසීලන්ත පිලේ නායකයාද වන අතර මයික් හෙසන්් එහි පුහුණුකරුවා වී සිටී.
‘මිත‍්‍රත්වය’ යනු කිසිවකු හොඳින් වටහාගැනීම මිස දෙදෙනාගෙන් කවරකුගේ හෝ ආත්ම ලාභය පතා කටයුතු කිරීම නොවන බව ලෝකයාට වැටහෙන විටෙක වඩාත් යහපත් හෙට දිනයක් ලෝකයාට විවර වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.