Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

නවසීලන්තය අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

ශනුක අරවින්ද - 2015 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ 37 වැනි තරගය ලෙස බංගලාදේශය සහ නවසීලන්තය අතර අද (13 වැනිදා) හැමිල්ටන්හිදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 3 ක ජයක් වාර්තා කළ නවසීලන්ත පිල, අපරාජිතව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කී‍්‍රඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

අද දිනයේදී සිය හයවැනි එක්දින ශතකය (105) වාර්තා කිරීමට නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත් වූ අතර පන්දු 100 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.  

ඉන් නොනැවතී රොස් ටේලර් (56) සමග එක්ව නවසීලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 155 කදී ලකුණු 131 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ ගප්ටිල්, තම කණ්ඩායමේ ජයග‍්‍රහණය තවත් පහසු කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සකීබ් අල් හසන් ලකුණු 55 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්වුවද, බංගලාදේශ පිල පරාජයෙන් ගලවා ගැනීමට තරම් එම දස්කම ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශය  ඕවර 50 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 288 ක් ලබාගත්තේය.

පන්දු 123 කින් සිය දෙවැනි ලෝක කුසලාන ශතකය (නොදැවී 123) ලබාගත් මහමදුල්ලා, ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත කළේය.

සව්ම්ය සර්කාර් (51) සමග එක්ව බංගලාදේශ ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මහමදුල්ලලා සමත් විය.

බංගලාදේශ පිලේ හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සබීර් රෙහෙමාන් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 40 ක් රැස්කළේය.

ටෙ‍්‍රන්ට් බෝල්ට්, කෝරි ඇන්ඩසන් සහ ග‍්‍රාන්ට් එලියට් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

 


බංගලාදේශය -  ඕවර 50 කදී කඩුලූ 7 කට 288
(සව්ම්ය සර්කාර් 51, මහමදුල්ලා නොදැවී 123, සකීබ් අල් හසන් 23, සබීර් රෙහෙමාන් 40, ග‍්‍රාන්ට් එලියට් 27/2, කෝරි ඇන්ඩසන් 43/2, ටෙ‍්‍රන්ට් බෝල්ට් 56/2)

නවසීලන්තය -  ඕවර 48.5 කදී කඩුලූ 7 කට 290
(මාටින් ගප්ටිල් 105, රොස් ටේලර් 56, ග‍්‍රාන්ට් එලියට් 39, කෝරි ඇන්ඩසන් 39, ඩැනියෙල් විටෝරි නොදැවී 16, සකීබ් අල් හසන් 55/4, නසීර් හුසේන් 32/2)

 

- 036


අදහස් (0)

නවසීලන්තය අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.