Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්ත අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අබුඩාබියි, ෂේක් ශයිඞ් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති සිවුවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රී) ලකුණු 7 ක තියුණු ජයක් ලැබූ නවසීලන්ත ක‍්‍රීඩකයෝ 2-2 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් වූහ.
ලකුණු 300 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 292 ක් රැස්කරමින් ආසන්නයට පැමිණියේය.
දකුණතින් වේග පන්දු යවන මැට් හෙන්ද්‍රි යැවූ ඉනිමේ අවසන් ඕවරයට ලකුණු 16 ක් ලබා ගැනීමට බාර වුවද අන්වර් අලී සහ සොහෙල් තන්වීර් රැස්කළේ ලකුණු 8 ක් පමණි.
පාකිස්තානු ඉනිමේ වැඩි ලකුණු ලාභියා බවට පත්වූ යුනිස් ඛාන් පන්දු 117 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළේය.
සහිඞ් අෆ්රිඩි පන්දු 25 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 49 ක් රැස්කරමින් හයවැනි කඩුල්ල ලෙස 44 වැනි ඕවරයේ දැවී නොගියේ නම් තරගයේ ප‍්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.
කේන් විලියම්සන් පන්දු 105 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 123 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 78 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීමට සමත් විය.
නවසීලන්ත නායක කේන් විලියම්සන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
නවසීලන්ත පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 299
(මාටින් ගප්ටිල් 58, ඞීන් බ්‍රොන්ලි 42, කේන් විලියම්සන් 123, රෝස් ටේලර් 26, කොරි ඇන්ඩසන් 23, මොහොමඞ් ඉර්ෆාන් 53/2)
පාකිස්තානු පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 292
(නසීර් ජම්ෂීඞ් 30, යුනිස් ඛාන් 103, උමාර් අක්මාල් 29, සහිඞ් අෆ්රිඩි 49, සර්ෆාෂ් අහ්මඞ් 18, අන්වර් අලී නොදැවී 20, ඩැනියල් විටෝරි 53/3)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.