Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 31 වැනි තරගය ලෙස නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර අද (8 වැනිදා) නේපියර්හිදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිල ඕවර 36.1 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී ආරම්භ පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 76 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 ක් රැස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.
වේගවත් පිතිකරඹයක නිරත වූ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 19 කදී ලකුණු 42 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ඕවර 47.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 186 ක් ලබාගත්තේය.
සමිවුල්ලා ශෙන්වරි (54) සහ නජිබුල්ලා ශද්රාන් (56) ඇෆ්ගනිස්තාන පිල වෙනුවන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
පන්දු 110 කදී වාර්තා වූ සමිවුල්ලා ශෙන්වරිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 56 කදී වාර්තා වූ නජිබුල්ලා ශද්රාන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩැනියෙල් විටෝරි ලකුණු 18 කට කඩුල 4 ක් දවාගත් අතර ලකුණු 34 කට කඩුලූ 3 ක් දවාගත් ටේරන්ට් බෝල්ට්ගෙන් ඔහුට අගනා සහයක් ලැබිණ.
ඇෆ්ගනිස්තාන පිලේ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාමද මෙහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
ඇෆ්ගනිස්තානය - ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 186
(නවුරෝස් මංගල් 27, සමිවුල්ලා ශෙන්වරි 54, නජිබුල්ලා ශද්රාන් 56, ඩැනියෙල් විටෝරි 18/4, ටේරන්ට් බෝල්ට් 34/3, කෝරි ඇන්ඩසන් 38/2)
නවසීලන්තය - ඕවර 36.1 කදී කඩුලූ 4 ක් දැවී 188
(මාටින් ගප්ටිල් 57, බ්‍රෙන්ඩන් මැකලම් 42, කේන් විලියම්සන් 33, රොස් ටේලර් නොදැවී 24, ග‍්‍රාන්ට් එලියට් 19)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.