Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය පරාජයේ දොරටුව අබියස

නවසීලන්තය පරාජයේ දොරටුව අබියස

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (12 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල ලකුණු 174 කට කඩුලූ 8 ක් අහිමි කරගනිමින් පරාජයේ දොරටුව අබියසට තල්ලූ වී සිටියේය.

මෙම තරගයේදී පරාජයෙන් ගැළවීම සඳහා නවසීලන්ත පිලට හෙට දිනයේදී තවත් කඩුලූ 2 ක් ආරක්ෂා කරගත යුතු වුවත් ඒ සදහා  ඕවර 90 කට මුහුණ දිය යුතුව තිබේ.

අද සවස තරගය නරත කරන විට මාර්ක් කේ‍්‍රග් නොදැවී ලකුණු 27 ක් සහ ඉෂ් සෝධි නොදැවී ලකුණු 27 ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පන්දු යැවීමේදී රාහට් අලී, සුල්ෆිකර් බාබර් සහ යසර් ශා කඩුලූ 2 බැගින් බිඳහෙළුෑහ.

ලකුණු 304 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන පිල, අද දිනයේදී කඩුලූ 2 කට ලකුණු 175 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නවසීලන්ත පිලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

පළමු ඉනිමේදී අවාසනාවන්ත ලෙස ලකුණු 96 කට දැවී ගිය මොහොමඞ් හෆීස්, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. හෆීස්, සිය 6 වැනි ටෙස්ට් ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් අලංකාර කළේය.


පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 3 ක් දැවී 566
(මොහොමඞ් හෆීස් 96, අහමඞ් ශෙහෙසාද් 176, අසාර් අලී 87, යුනිස් ඛාන් නොදැවී 100, මිස්බා උල් හක් නොදැවී 102, කෝරි ඇන්ඩර්සන් 68/2)
 
නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 262
(ටොම් ලේතම් 103, බ්‍රෙන්ඩන් මැකලම් 18, කෝරි ඇන්ඩර්සන් 48, බෙන් වෙට්ලින් 42, ඉෂ් සෝධි 25, රාහට් අලි 24/4, ශුල්ෆිකර් බාබර් 79/3)

පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 175
(මොහොමඞ් හෆීස් නොදැවී 101, අසාර් අලී 23, යුනිස් ඛාන් 28, ඉෂ් සෝධි 66/2)
 
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලූ 8 ක් දැවී 174
(ටොම් ලේතම් 20, බ්‍රෙන්ඩන් මැකලම් 39, කේන් විලියම්සන් 23, කෝරි ඇන්ඩසන් 23, මාර්ක් කේ‍්‍රග් නොදැවී 27, ඉෂ් සෝධි නොදැවී 27, රාහට් අලී 38/2, ශුල්ෆිකර් බාබර් 30/2, යසර් ශා 49/2)


- 036


අදහස් (0)

නවසීලන්තය පරාජයේ දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.