Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ලකුණු 99 ක ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

නවසීලන්තයට ලකුණු 99 ක ජයක්

editorial - 2023 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ තවදුරටත් තමන් වෙතම රඳවාගත් නවසීලන්තය, හයිද්‍රාබාද් නුවරදී අද (09 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 99 කින් නෙදර්ලන්තය පරදවා පහසු ජයක් ලබාගත්තේය. නෙදර්ලන්තය සහභාගි වූ තරග දෙකම පරාජය වූ අතර නවසීලන්තය සහභාගි වූ තරග දෙකම ජයගත්තේය. 

ලකුණු 323 ක ඉලක්කයක් කරා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 46.3 දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223 කි. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 50 දී කඩුලු 7 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්තේය. 

නවසීලන්ත පිතිකරුවන් ශතක ලබා නොගත් නමුත් අර්ධ ශතක තුනකින් සවිමත් වූ නවසීලන්ත ඉනිමට දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර්ගෙන් පන්දු 17 කදී ලකුණු 36 ක් එක්විය. එනිසාම ලකුණු 300 කඩයිම පැනගත් නවසීලන්තය, නෙදර්ලන්තයට දුන්නේ අසීරු ඉලක්කයකි. 

නෙදර්ලන්තය ඕවර 10 කින් ලකුණු 43 ක් ලබාගත් නමුත් 11 වැනි ඕවරයේදී මිචෙල් සෑන්ට්නර් පන්දුව අතට ගැනීමත් සමගින් සියල්ල වෙනස් විය. සිය දෙවැනි ඕවරයේදීම මැක්ස්වෙල් ඕ’ඩාවුඞ් දවාගත් වමත් දඟ පන්දු යවන්නා, තණකොළ ගසක් වත් නොතිබූ හයිද්‍රාබාද් තණතීරුවේදී නෙදර්ලන්ත පිතිකරුවන් කරකවා අතහැරියේය. 

සෑන්ට්නර්ගේ ඕවර 10 නිමා වන විට නෙදර්ලන්තයේ කඩුලු 8 ක් බිඳ වැටී තිබිණ. මැතිව් හෙන්රි ඉතිරි කඩුලු දෙක දවාගත්තේ නවසීලන්තයට ලකුණු 99 ක ජයක් හිමිකර දෙමිනි. 


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 322 යි
(ඩෙවොන් කොන්වේ 32, විල් යංග් 70, රචින් රවීන්ද්‍ර 51, ඩැරිල් මිචෙල් 48, ටොම් ලෙතම් 53, මිචෙල් සෑන්ට්නර් නොදැවී 36, මැතිව් හෙන්රි නොදැවී 10, ආර්යන් දත් 62/2, පෝල් වැන්’මීකර්න් 59/2, රිඕල්ෆ් වැන්ඩර්මර්වර් 56/2)

නෙදර්ලන්තය - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 223 යි
(වික්‍රම්ජිත් සිං 12, මැක්ස්වෙල් ඕ’ඩාවුඞ් 16, කොලින් ඇකර්මන් 69, බස් ඩි’ලීඩි 18, තේජා නිදමානුරු 21, ස්කොට් එඞ්වඞ්ස් 30, සයිබ්‍රෑන්ඞ් එංගල්බ්‍රෙක්ට් 29, ආර්යන් දත් 11, මැතිව් හෙන්රි 40/3, මිචෙල් සෑන්ට්නර් 59/5)

- 213


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 99 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.