Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැගෙණහිරෙන් 30 ක් රළ මත පුවරු පදිති

නැගෙණහිරෙන් 30 ක් රළ මත පුවරු පදිති

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරුගම්බේ සර්ෆ් සමාජය සහ ආරුගම්බේ බීච් වෙයාර් එක්ව තෙවැනි වරටත් සංවිධානය කරන මුහුදු රළ මත ලිස්සා යෑමේ (සර්ෆ්) තරගාවලිය ආරම්භ කරමින් අද (25 වැනිදා) දේශිය ක‍්‍රීඩකයන් පමණක් සහභාගි වූ ශ‍්‍රී ලංකා සර්ෆ් ශූරතාවලියේ පළමු වටයේ තරග පැවැත්විණි.

මෙම තරගාවලියට නැගෙනහිර පළාත නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 30 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ. ඊට අමතරව මීගමුව, ගල්කිස්ස, හික්කඩුව, ගාල්ල සහ වැලිගම ආදි ශ‍්‍රී ලංකාවේ සෙසු ප‍්‍රදේශවලින් ද ක‍්‍රීඩකයෝ 25 ක් පමණ පැමිණ සිටියහ.

තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (26 වැනිදා) පෙරවරු 7.00 සිට විදේශිය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වන විවෘත පිරිමි සහ කාන්තා තරගාවලිය පැවැත්වීමට නියමිතය.

දේශිය තරගාවලියට කී‍්‍රඩකයන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර මූලික තරග 12 කදී දෙවැනි වටයට ක‍්‍රීඩකයෝ 24 දෙනකු සුදුසුකම් ලැබූහ. දෙවැනි වටයේදී ක‍්‍රීඩකයෝ 12 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අර්ධ අවසන් පූර්ව තරග හෙට (26 වැනිදා) පැවැත්වෙන අතර ක‍්‍රීඩකයන් 6 දෙනකු සහභාගි වන අවසන් පූර්ව වටය සහ ක‍්‍රීඩකයන් සිවුදෙනකු සහභාගි වන අවසන් මහ තරගය (27 වැනිදා) පැවැත්වීමට නියමිතය.

අද දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් රළ මත හොඳ දස්කම් දැක්වූ අතර එම දස්කම් තරගාවලිය නැරඹීමට පැමිණ සිටි විදේශිකයන්ගේ පැසසුමට ලක්විය.

තරගාවලියේ ප‍්‍රධාන සංවිධාන නිලධාරී අජේ සිං මහතා පැවසුවේ රළ මත ලිස්සායාමේ ක‍්‍රීඩාව ශ‍්‍රී ලාංකිකයන් අතර ප‍්‍රචලිත කිරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණ වීම නිසා දේශිය තරගාවලියට විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

”ලබන වසරේ විදේශීය ක‍්‍රීඩකයන්ටද විවෘත ආරාධනයක් කරමින් ප‍්‍රබල ක‍්‍රීඩකයන් සහභාගි වන තරගාවලියක් සංවිධානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයිද අජේ සිං මහතා වැඩි දුරටත් පැවසීය.

පොතුවිල් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ආරුගම් බොක්ක මුහුදු තීරයේදී මීටර 250 ක පමණ දුරක් මිනිත්තු 20 කාලයක් තරගකරුවන්ට ලබාදී ඇති අතර එහිදී මුහුදු රළ මත පිනුම් ගැසීම ආදියට විනිසුරුවන් තිදෙනකු විසින් ලකුණු දෙනු ලැබේ.

ප‍්‍රධාන තීරක ලෙස කටයුතු කරන ලෝක ශූර වයින් ඞීන් මහතා පැවසුවේ එම දිගු පුවරුව මත පිනුම් ගැසීමකින් තොරව තරගය අවසන් කළ හොත් උපරිම ලකුණු 3 ක් ලැබෙන බවත් පිනුම් ගැසීමෙන් උපරිම ලකුණු 10 ක් දක්වා එකතු කරගත හැකි බවත්ය.

මෙම තරගාවලියේ විනිශ්චය ස`දහා පැමිණ සිටින, රළ මත ලිස්සා යාමේ කී‍්‍රඩාවේ හිටපු ලෝක ශූරයකු වන  ඕස්ටේ‍්‍රලියානු ජාතික වයින් ඞීන් මහතාගේ මෙහෙයවීමෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් 10 දෙනකුට සර්ෆ් නිලධාරී පාඨමාලාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණ.

ඊයේ පෙරවරුවේ පැවැති තරගාවලියේ සමාරම්භක උත්සවයට පොතුවිල් ප‍්‍රාදේශිය සභාවේ සභාපති එස්. එස්. ඒ. වාසිත් සහ පොතුවිල් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර පිටිගල යන මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට ආරුගම්බේ බීච් වෙයාර්, ලෑන්ඞ් රෝවර්, කාගිල්ස් ෆන් බී, වයින් වර්ඞ්, ඔන්ඩා, විජය පුවත්පත් සමාගම සහ ලියෝ බර්නෙට් ආයතන එක්ව සිටිති.

(යොහාන් භසුර සහ පොතුවිල් යූ. විජේසිංහ, ආරුගම්බේ සිට...)

ඡයාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (0)

නැගෙණහිරෙන් 30 ක් රළ මත පුවරු පදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.