Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැඟී එන ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන සොයා යති

නැඟී එන ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන සොයා යති

editorial - 2023 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආසියානු රටවල් අටක නැඟී එන කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳුදා (12 වැනිදා) හොං කොං රාජ්‍යයේදී ආරම්භ වෙයි. විස්සයි-20 තරගාවලියක් වන මෙහිදී කාණ්ඩ දෙකකින් තරග පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ නැගී එන කාන්තා කණ්ඩායම බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

සත්‍යා සන්දීපනී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායිකාව වන්නීය. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් තෝරාගත් කාව්‍යා කාවින්දි ආබාධයකට ලක්වූ බැවින් ඇය වෙනුවට මල්කි මදාරා තෝරාගන්නා ලදි. එහෙත් ඇයද ආබාධයකට ලක්වූයෙන් ඇයගේ ස්ථානය සචිනි නිසංසලාට හිමිවිය.

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මලයාසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සත්කාරක හොං කොං රාජ්‍යය මෙම ආසියානු කුසලාන සඳහා තරග වදිනු ඇත. ටෙස්ට් තත්ත්වය හිමි රටවල් සිය 23 න් පහළ කණ්ඩායම් සහභාගි කරවන අතර සෙසු කණ්ඩායම් වලට තම තමන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා ඉදිරිපත් කළ හැකිය.

කාන්තා කණ්ඩායම් අතර 19 න් පහළ ආසියානු තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව මෙම නැඟී එන කණ්ඩායම් අතර තරගාවලිය පැවැත්වීම කෙරේ ආසියානු ක්‍රිකට් සම්මේලනය සිය අවධානය යොමුකර තිබේ. ආසියානු ක්‍රිකට් සම්මේලනයේ අරමුණ වන්නේ මෙම තරගාවලිය මගින් ආසියානු කලාපයේ කාන්තා කණ්ඩායම් අතර තරගකාරීත්වය වර්ධනය කරගැනීමයි.


ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම
සත්‍යා සන්දීපනී (නායිකාව), මල්ෂා ෂෙහානි (උප නායිකාව), විශ්මි ගුණරත්න, උමේෂා තිමාෂිනී, ඉමේෂා දුලානි, පියුමි වත්සලා, සචිිනි නිසංසලා, කෞෂානි නෘත්‍යංගනා, තාරිකා සෙව්වන්දි, නිමේෂා මධුෂානි, නිලක්‍ෂණා සඳමිණි, මධුෂිකා මෙත්තානන්ද, රශ්මි සිල්වා සහ දෙව්මි විහංගා


අදහස් (0)

නැඟී එන ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන සොයා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.