Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 108 කට දවාගත් නැමීබියානුවෝ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ලකුණු 55 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. ජීලෝන්ග් හිදී අද (16 වැනිදා) පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ වටයේ තරගයේදී ශ්රී ලංකා පිතිහරඹය ඕවර 19 කදී නිමා විය.
පිට පිට පන්දු දෙකකදී පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක දවාගත් බෙන් ෂිකොන්ගෝ, සිය පළමු ඕවරයේදීම, ශ්රී ලංකා කණ්ඩායම පසුපසට ඇද දැම්මේය. ඔහුගේ ඊළඟ පන්දුව හමුවේ භානුක රාජපක්ෂත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ නමුත්, ෂිකොන්ගෝගේ පන්දුව පා ඉන්නට ඉවතින් පතිත වීම හේතුවෙන් භානුකට කඩුල්ල රැකගත හැකි විය.
ශ්රී ලංකා පිතිකරුවන්ගේ උපාය වූයේ ජිලෝන්ග් පිටියේ දෙපසින් ඇති හතරේ සීමාව තරමක් ආසන්න වීම හේතුවෙන් හතරේ සීමාව හරහාත්, ඊට ඉහළිනුත් පන්දුව යැවීමයි. වැඩි වැඩියෙන් හයේ පහර වලට උත්සාහ කිරීම හේතුවෙන් පන්දුව වැඩි වාරයක් ගුවනේ ඉහළටම ඇදී ගියද ඒවා සුරැකිව රැකගැනීමට නැමීබියානුවෝ සමත් වූහ.
ශ්රී ලංකා පිලේ බිඳ වැටුණු කඩුලු 10 ක් 7 ක්ම ගුවනේ ඉහළට ඇදී ගිය පන්දු රැකගැනීමෙන් සිදුවූ දැවී යාම් විය.
සිව්වැනි කඩුල්ල බිඳ වැටුණ තැන සිට පන්දු 24 කින් ලකුණු 34 ලබාගත් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක දෙදෙනා නැවත වරක් ශ්රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ගෙනැවිත් දුන් නමුත් භානුක දැවී යාමත් සමගින් ශ්රී ලංකාවේ බලාපොරොත්තු නිමා විය. ශ්රී ලංකා පිලේ අවසන් කඩුලු 6 ම ලකුණු 34 ක දී ඇද වැටිණ.
කාසියේ වාසිය ශ්රී ලංකා පිලට හිමිවීම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට නැමීබියානුවන් පිටියට යවන ලදි. එහෙත් සිය ඉනිමේ අවසන් පන්දු 24 දී ලකුණු 57 ක් ලබාගත් නැමීබියානුවෝ, ශ්රී ලංකාව හමුවේ කඩුලු 7 කට ලකුණු 163 ක් ලබාගත්හ. පන්දු 28 කින් ලකුණු 44 ක් ලබාගත් යාන් ෆ්රයිලින්ක්, අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගිය නමුත් ඔහු තම කණ්ඩායම වෙනුවෙන් යුතුකම ඉටුකර තිබිණ.
ඉනිමේ අග්ගිස්සේ ඕවර 4 ආරම්භ වන විට නැමීබියානු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 කට 106 ක් ලෙසිනි. නැමීබියානුවන් අත තිබ්බේත් කඩුලු 4 කි. ඒ වන තෙක් ශ්රී ලංකා පන්දු යවන්නන් විසින් තරගය මනාව පාලනය කරගෙන සිටි නමුත්, හිටි අඩියේම තරගයේ පාලනය උදුරාගත් යාන් ෆ්රයිලින්ක් (44) සහ ජේ.ජේ. ස්මිත් (නොදැවී 31) දෙදෙනා, ලකුණු 163 ක් කරා නැමීබියානු පිල කැඳවාගෙන ගියහ.
නැමීබියානු ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ලකුණු ලබාගැනීම සටහන් වූයේ 10 ක්, 16 ක්, 18 ක් සහ 13 ක් වශයෙනි. ජේ.ජේ. ස්මිත් පන්දු 16 කින් ලකුණු 31 ක් ලබාගත්තේය.
සිය මුල් ඕවර තුනේදී ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරතව සිටි ප්රමෝද් මධුෂාන්ගේ අවසන් ඕවරයේදී ලකුණු 18 ක් උදුරාගත් ස්මිත් සහ ෆ්රයිලින්ක් දෙදෙනා ශ්රී ලංකා පන්දු යැවීම පහතටම ඇද දැම්මේය.
dingiri banda Sunday, 16 October 2022 05:47 PM
ඔලුව ඉදිමුණාම මෙහෙම තමයි වෙන්නේ ... බංග්ලාදේශයට නයි පැන්නුවා නේද? අද නැම්බියාව නයි ඇරියා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.