Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ සිංගප්පූරුවේ සිට)
සිංගප්පූරුවේ දි ආරම්භ වූ 12 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ මෙතැන් සිට ප්‍රබලතම ප්‍රතිවාදීනියන් මුණගැසෙන ශ්‍රී ලංකාව හෙට (06) මලයාසියාවට එරෙහිව තරග බිමට පිවිසෙයි. මෙම තරගාවලියේ මූලික වටය සහභාගි වීම (05) අද නිමාවට පත් කළ ශ්‍රී ලංකාව එහි දෙවැනි තරගයේදී පිලිපීනය ලකුණු 99 -37 ට පරාජය කළේය.
පිලිපීනය ශ්‍රී ලංකාවට ප්‍රබල ප්‍රතිවාදිනියක් නොවුණත් ඊයේ තරඟයේ දී ඔවුන්ගේ කුසලතාවයන්හි යම් ප්‍රශංසනීය මට්ටමක් පෙන්නුම් කෙරුණි. ශ්‍රී ලංකාවේ එහිදී ලකුණු 100 සම්පූර්ණ කිරීමට දැරූ උත්සහය වැළැක්වීම සඳහා පිලිපීන් කණ්ඩායම අවසන් විනාඩි කීපයේදී ලකුණු ලබා ලබාගැනීම අමතක කර දමා පන්දුව අතිනත හුවමාරු කරමින් කාලය ගෙවීමට උනන්දුවීම කැපී පෙනුණි.
ලකුණු 24 - 05 ,25-10,27-09,20-12 ක් පරිදි ශ්‍රී ලංකාව වට හතරෙදීම පෙරමුණ ගනිමින් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. තරගාවලියේ දෙවැනි වටය අද (06)සිට පැවැත්වෙන අතර මලයාසියාව සහ ශ්‍රී ලංකාව අද පස්වරු 2.30 ට තරගය ආරම්භ වේ. මලයාසියාව 2018 අවසන් වරට පැවැති තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබූ කණ්ඩායමයි. කෙසේ වුවත් එහිදී ශ්‍රී ලංකාව මුණගැසුණු අවස්ථාවේදී දෙපිල අතර තරගය තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ ලකුණු 62-59 කිනි.
ලෝක ශේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 19 වන ස්ථානයේත් මලයාසියාව 25 වැනි ස්ථානයේත් කල් ගෙවති. මේ අතර අද තරඟය පිළිබඳව ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයංජලි අමරවංශ පැවැසුවේ ශ්‍රී ලංකාවට සටන ඇත්තේ මෙතැන සිට බවයි.
කෙසේ වුවත් මලයාසියාවට හොඳ තරගයක් දීමට සිය කණ්ඩායම සූදානම් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී හයසින්ත් විජයසිංහ මහත්මිය පැවසුවේ මලයාසියාව මේ වන මට්ටමක වඩාත් ප්‍රබල තත්ත්වයක පසුවන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම අද වඩාත් කල්පනාකාරී විය යුතු බවයි.
ශ්‍රී ලංකාව මෙවර ආසියානු තරගාවලියට සූදානම්වීමේදී කණ්ඩායමේ පුහුණුකාරණීයන්ට හා ක්‍රීඩිකාවන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ බවත් පෙන්වා දුන් ඇය එහි තක්සේරුව ලබාගත හැක්කේ ප්‍රබල ප්‍රතිවාදිනියන් මුණ ගැසීමෙන් පමණක් බවත් පැවසුවාය.
අද මූලික වටේ පැවති තවත් තරඟ දෙකකදී මාලදිවයින විසින් ජපානය ලකුණු 56 - 24 කින් පරාජය කරන ලදී. තවත් තරගයකදී මලයාසියාව විසින් චීන තායිපේ පරාජයට පත්කරන ළද්දේ ලකුණු 28 -25ක් පරිදිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.