Last Update  :  2025-02-20 18:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිරෝද් - ශෙහාරා ශූරතා දිනති
සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගය

නිරෝද් - ශෙහාරා ශූරතා දිනති

editorial - 2025 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ හික්කඩුව ඥාණදාස රම්මුතු)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය  ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සංවිධානය කරනල ලද සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ සමස්ත පිරිමි සහ කාන්තා ශූරතා දෙකම සත්කාරක ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි. ධර්මශෝකයේ අසල්වැසි පාසල වන අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ අයි. නිරෝද් තීක්ෂණ විවෘත පිරිමි ශූරතාව දිනාගත් අතර දේවානන්දයේම ශෙහාරා අනුහන්සි විවෘත කාන්තා ශූරතාව දිනා ගත්තාය

විවෘත පිරිමි තරගය විනාඩි 44:03:09 කින් තරගය නිමා කළ දේවානන්ද විද්‍යාලයේ අයි. නිරෝද් තීක්ෂණ විවෘත පිරිමි ශූරතාව දිනාගත්තේය. විනාඩි 44:14:78කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එන්. නිදුවර ඒකනායක එහි අනු  ශූරතාවත් තරගය විනාඩි 44:15:78 කින් නිමාකළ ධර්මාශෝක විද්‍යාලයේම එම්.ඩබ්ලිව්. කුමත් දෙව්නුද  තෙවැනි ස්ථානයත් දිනා ගත්හ.

විවෘත කාන්තා තරගය  විනාඩි 51:05:00 කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ඩී. ශෙහාරා අනුහන්සි විවෘත කාන්තා ශූරතාව දිනා ගත්තාය. තරගය විනාඩි 51:48:00 කින්  නිමාකල ශ්‍රී ලංකා යුද හමුදාවේ අනර්කලී ද සිල්වා අනු ශූරතාවත් විනාඩි 53:20:00 කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලයේ හෙසාරා ද සිල්වා එහි තෙවැනි ස්ථානය දිනා ගත්හ.

පිරිමි තරගයේදී ලකුණු 79ක් ලබාගත් සත්කාරක ධර්මාශෝක විද්‍යාලයට සමස්ත ශූරතාවත් ලකුණු 39ක් ලබාගත් දේවානන්ද විද්‍යාලයට අනු ශූරතාවත් ලකුණු 31 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාවට තෙවැනි ස්ථානයත් හිමි විය.

කාන්තා තරගාවලියේදී ලකුණු 97ක් ලබාගත් සත්කාරක ධර්මාශෝක විද්‍යාලයට සමස්ත ශූරතාවත් ලකුණු 38 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාවට අනු ශූරතාවත් ලකුණු 34ක් ලබාගත් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට එහි තෙවැනි ස්ථානයත් හිමි විය. 

පිහිනුම් ක්‍රීඩකයෝ 149 ක්  සහ පිහිනුම් ක්‍රීඩිකාවෝ 44 දෙනෙක් මෙම තරගයට සහභාගි වූහ. මෙම තරගාවලිය අද (16 වැනිදා) පෙරවරුවේදී අම්බලන්ගොඩ තානායම අසල වෙරළ තීරයේදී පැවැත්විණ.

පාසලක් විසින් සංවිධානය කරනු ලබන පැරණිතම මුහුදු පිහිනුම් තරගය වන අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සැතැපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගය මෙවර පැවැත්වූවේ 50 වරටය. අධ්‍යාපන අමාතයාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ජල කීඩා සංගමයේ පූර්ණ අධීකෂණය යටතේ මේ පිහිනුම් තරගය පැවැත්විණ.

 

විවෘත පිරිමි අංශයේ මුල් ස්ථාන දිනාගත් ක්‍රීඩකයෝ 
වමේ සිට : 
නිදුවර ඒකනායක (2), නිරෝද් තීක්ෂණ (1), කුමත් දෙව්නුද (3)  

 

විවෘත කාන්තා අංශයේ මුල් ස්ථාන දිනාගත් ක්‍රීඩිකාවෝ
වමේ සිට :
අනර්කලී ද සිල්වා (2), ශෙහාරා අනුහංසි (1), හෙසාරා ද සිල්වා (3) 


අදහස් (0)

නිරෝද් - ශෙහාරා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.