Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිල නොවන එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකානු ’ඒ’ පිලට

නිල නොවන එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකානු ’ඒ’ පිලට

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තර⁣ගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ දකුණු අප්‍රිකානු 'ඒ' කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැන්මට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු 'ඒ' ක්‍රීඩකයෝ, ඕවර 35.5 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. නායක ට්‍රිස්ටන් ස්ටබ්ස් (නොදැවී 58) සහ සෙනුරන් මුත්තුසාමි (නොදැවී 45) එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 74 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනඟමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට ජෙරල්ඩ් කොයෙට්සි (48/5) ප්‍රමුඛ දකුණු අප්‍රිකානු 'ඒ' පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 42.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. ශ්‍රී ලංකා 'ඒ'  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සහන් ආරච්චිගේ පන්දු 104 කදී ලකුණු 63 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.


ශ්‍රී ලංකා 'ඒ' පිල - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 172
(අශේන් බණ්ඩාර 36, සහන් ආරච්චිගේ 63, ජෙරල්ඩ් කොයෙට්සි 48/5, සෙනුරන් මුත්තුසාමි 42/2)

දකුණු අප්‍රිකානු 'ඒ' පිල - ඕවර 35.5 කදී කඩුලු 5 ක් දැවී 175
(කයිල් වැරේන් 19, සුබේර් හම්සා 19, ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී 58, සෙනුරන් මුත්තුසාමි නොදැවී 45, ඩිල්ෂාන් මධුසංඛ 34/3, දුනිත් වෙල්ලාලගේ 44/2)


අදහස් (0)

නිල නොවන එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකානු ’ඒ’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.