Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා කී‍්‍රඩකයන් අවසන් මොහොතේ නීති විරෝධීව හැසිරීම නිසා ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර රග්බි තරගාවලියේ (2014) කොළඹ පැරණි තුරග තරග පිටියේදී අද (17) පස්වරුවේ පැවැති තරගයේදී පිලිපීනය ලකුණු 26-25 ක තියුණු ජයක් ලැබීය.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සියලූම තරග පරාජයට පත්වීම හේතුවෙන් ලබන වසරේ දෙවැනි කොටසට පහතට වැටේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ පළමු වරට විදේශීය කී‍්‍රඩකයෝ දෙදෙනෙක් ශ්‍රී ලංකා පිලට කී‍්‍රඩා කළහ. අන්තර්ජාතික රග්බි සංගමයේ නීති රීතිවලට අනුව ෆීජි ක‍්‍රීඩකයන් වන නයිගේ ජෝශප් සහ එමෝරි වකුයුලාගි ශ්‍රී ලංකාවට ක‍්‍රීඩා කළහ.
ශ්‍රී ලංකා පිල ලකුණු 25-19 ක් ලෙස පෙරමුණේ සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී පිලිපීන ක‍්‍රීඩක ඔලිවර් සෝන්ඩර්ස් උත්සාහක දිනුමක් සාර්ථක කළ අතර ඒ අනුව ලකුණු පුවරුව 25-24 ක් බවට පත්විය.
හැරී මොරිස් මීටර 22 සීමාවේ සිට යොමු කළ ගෝල ප‍්‍රවර්ථනය අසාර්ථක වූ අතර එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ගෝල කණු අතර සිට ගෝෂාකාරීව ඉදිරියට පැමිණි බවට විනිසුරු සංඥා කළේය. ඒ අනුව පිලිපීන පිලට නැවතත් ප‍්‍රවර්ථන අවස්ථාව ලබාදුන් අතර එය සාර්ථක වීමත් සමග ලකුණු 26-25 ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජය වැළද ගැනීමට සිදුවිය.
පිලිපීන ක‍්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිලට හොඳ අභියෝගයක් යොමු කළ අතර පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-17 ක් ලෙස පිලිපීනය පෙරමුණේ පසු විය.
දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී නායක නාමල් රාජපක්‍ෂ සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ලකුණු 22-19 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය. ඉන් මිනිත්තු 33 කට පසුව එනම් 35 වැනි මිනිත්තුවේදී නුවන් හෙට්ටිආරච්චි සාර්ථක කළ දඩුවම් පහරත් සමග ලකුණු තත්ත්වය 25-19 ක් බවට පත්විය.
තරගය ආරම්භ වී පළමු මිනිත්තුවේදීම නුවන් හෙට්ටිආරච්චි මීටර 25 ක සීමාවේ සිට විශිෂ්ට ලෙස සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය.
පළමු අර්ධයේ 23 වැනි මිනිත්තුවේදී මැතිව් සෝන්ඩර්ස් සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඔලිවර් සෝන්ඩර්ස් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 7-3 ක් ලෙස පිලිපීනය පළමු වරට ඉදිරියට පැමිණියේය.
ෆාෂීල් මරීජා 25 වැනි මින්තුවේදී ද, ධනුෂ්ක රන්ජන් 29 වැනි මිනිත්තුවේදී මීටර 55 ක් පමණ දිවයමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් නුවන් හෙට්ටිආරච්චි ගෝල බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 17-7 ක් ලෙස වාසිය නැවතත් ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.
පිලිපීන ක‍්‍රීඩකයෝ 35 වැනි සහ 39 වැනි මිනිත්තුවලදී ගෝලයක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 19-17 ක් ලෙස පළමු අර්ධය අවසන් කිරීමට සමත් වූහ.
ජයග‍්‍රාහි පිලිපීනය පිල ගෝල තුනකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබූ අතර ශ්‍රී ලංකාවට ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ පළමු තරගයේදී දකුණු කොරියාව හමුවේ 59-03 කින්, දෙවැනි තරගයේදී හොං කොං පිල හමුවේ 41-10 කින් සහ ජපානය හමුවේ ලකුණු 132-10 කින් පරාජයට පත්විය.
පිලිපීනය මීට පෙර සහභාගි වූ තරග දෙකේදී හොං කොං හමුවේ ලකුණු 108-0 කින් සහ ජපානය හමුවේ ලකුණු 99-10 කින් පරාජය වී සිටියේය.
ශ්‍රී ලංකා - පිලිපීන රග්බි තරගයේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ඉශාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.