(දමින්ද විජේසූරිය)
ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග දෙකක් සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී උපදේශක පුහුණුකරුවා වශයෙන් හිටපු ටෙස්ට් පිතිකරුවකු වන නීල් මැකෙන්සි මහතා පත්කර තිබේ. නීල් මැකෙන්සි මහතා වසර 2016 දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් ද කටයුතු කළේය.
වසර 9 ක කාලයක් පුරා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 58 කට ක්‍රීඩා කර ඇති නීල් මැකෙන්සි, ශතක 5 ක් ද සමගින් ලබා ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 3253 කි.
ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 10 දෙනෙක් ඊයේ (11 වැනිදා) රාත්‍රියේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ. මෙම ක්‍රීඩකයන් සහභාගි වන පුහුණු කඳවුර මෙහෙයවීම සහ එහි කටයුතු අධීක්‍ෂණය කිරීම නීල් මැකෙන්සිට භාරවී තිබෙන කාර්යයයි. මෙම පුහුණු කඳවුර මේ මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙයි.
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් සොයමින් සිටින ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු අප්‍රිකාවටත් අතිශයින් තීරණාත්මක තරගාවලියකි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේදී 55.56% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමගින් ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ සිටින අතර 54.17% ක ජයගග්‍රාහී ප්‍රතිශතයක් සමගින් දකුණු අප්‍රිකානුවෝ පස්වැනි ස්ථානයේ සිටිති.
සඳුදා රාත්‍රියේ දකුණු අප්‍රිකාව බලා ගිය ක්‍රීඩකයෝ
ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය
තරග කාලසටහන
නොවැ 27-දෙසැ 01 - පළමු ටෙස්ට් තරගය ඩර්බන් නුවරදී
දෙසැ 05 - 09 - දෙවැනි ටෙස්ට් තරගය ඛෙබාරා නුවරදී