Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව අනිද්දා (11 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි20 තරගයෙන් ඉවත්වීමට ආබාධයකට ලක්වූ ජේම්ස් නීෂම්ට සිදුවිය. පසුගිය 11 වැනිදා පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කළවේ නහරයක පීඩාවකට නිශාම් ලක්විය.
එක්දින සංචිතයේ සිටි ඩග් බ්‍රේස්වේල් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එකම විස්සයි20 තරගයට නම්කළ 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ඉවත්කළද ජේම්ස් නීෂම් ආබාධයකට ලක්විම හේතුවෙන් නැවතත් ඔහුව විස්සයි20 සංචිතයට නම්කිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගත්තේය.
අවසන් තරගයේදී පන්දු රකිමින් සිටියදී දකුණු කලවේ ආබාධයකට ලක්වූ නිශාම් තරගය අතරතුර ප්‍රතිකාර සඳහා ක්‍රීඩා පිටියෙන් ඉවත්විය.
2017 ජුනී මාසයෙන් පසුව ජාත්‍යන්තර පිටියට පැමිණි ජේම්ස් නීෂම් ශ්‍රී ලංකාව සමගින් පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 13 කදී නොදැවී ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය. එහිදී හයේ පහර 5 ක් සමගින් ලකුණු 34 ක් තිසර පෙරේරාගේ ඕවරයකදී ලබාගැනීමට නිශාම් සමත්විය. දෙවැනි එක්දින තරගයේදීද ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ නීෂම් පන්දු 37 කදී ලකුණු 64 ක් ලබාගත් අතර තරග 3 දී ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය.
පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 219.64 ක් ක් ලෙස රඳවාගත් නීෂම් හයේ පහර 10 ක් තරග 3 දී ලබාගත්තේය. පන්දුවෙන්ද දස්කම් දැක්වූ නිශාම් කඩුලු 6 ක් දවාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.