Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවන් තුෂාරට කෝටි පහමාරක්
අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය.

නුවන් තුෂාරට කෝටි පහමාරක්

editorial - 2024 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සවුදි අරාබියේ ජේඩා නුවර පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනයේදී (25 වැනිදා) ඉන්දීය රුපියල් කෝටි 1.6 මුදලක් ගෙවමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ සේවය මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ. එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි පහමාර ඉක්මවා ගියේය. 

ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මූලික ලන්සුවක් යටතේ මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටි තුෂාර, බෙංගලූරු කණ්ඩායමට ඇතුළත් වූයේ එම කණ්ඩායමේ හිමිකරුවන් පළමුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකරුවන් සමගද, දෙවනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් සමගද කළ කරට කර ලන්සු තැබීමකින් අනතුරුවය. 

මේ අතර දෙවැනි දිනයේදී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් පත්වූ අතර ඔහුගේ සේවය මිලදී ගැනීම සඳහා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලක් වැය කළේය. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 37 ක් පමණ විය. 

බුවනේෂ්වර්ද සමග ඉන්දීය සහ විදෙස් ක්‍රීඩකයන් 43 දෙනෙක් දෙවැනි දිනයේදී ඉන්දීය රුපියල් කෝටියකට වැඩි මුදලකට අලෙවි වූ අතර කේන් විලියම්සන්, ශායි හෝප්, ඇලෙක්ස් කේරි, ආදිල් රෂීඩ්, කේෂව් මහරාජ්, මුස්තෆිසුර් රහමන්, ස්ටීවන් ස්මිත් සහ ඩැරිල් මිචෙල් වැනි ප්‍රභල ක්‍රීඩකයන් එහිදී අලෙවි නෙවූ ක්‍රීඩකයන් අතරට එක් වූහ. 


දෙවැනි දිනයේදී කෝටියකට වැඩි මිලකට අලෙවි වූ ක්‍රීඩකයෝ 

බුවනේෂ්වර් කුමාර් (ලක්නව් සුපර් ජයන්ට්ස්) - කෝටි 10.75 යි 
දීපක් චාහර් (මුම්බායි ඉන්දියන්ස්) - කෝටි 9.25 යි
මුකේෂ් කුමාර් (දිල්ලි කැපිටල්ස්) - කෝටි 8 යි 
ආකාෂ් දීප් (ලක්නව් සුපර් ජයන්ට්ස්) - කෝටි 8 යි 
මාර්කෝ ජැන්සන් (පන්ජාබ් කිංග්ස්) - කෝටි 7 යි
තුෂාර් දේෂ්පාන්ඩේ (රාජස්ථාන් රෝයල්ස්) - කෝටි 6.5 යි
කෘනාල් පාණ්ඩ්‍යා (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 5.75 යි 
විල් ජැක්ස් (මුම්බායි ඉන්දියන්ස්) - කෝටි 5.25 යි
අල්ලා ඝන්සන්ෆර් (මුම්බායි ඉන්දියන්ස්) - කෝටි 4.8 යි 
නිතිෂ් රානා (රාජස්ථාන් රෝයල්ස්) - කෝටි 4.2 යි 
ප්‍රියන්ෂ් ආර්ය (පන්ජාබ් කිංග්ස්) - කෝටි 3.8 යි
වොෂින්ටන් සුන්දර් (ගුජරාට් ටයිනට්ස්) - කෝටි 3.2 යි 
ටිම් ඩේවිඩ් (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 3 යි 
ස්පෙන්සර් ජොන්සන් (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 2.8 යි
ජොෂ් ඉන්ගිල්ෂ් (පන්ජාබ් කිංග්ස්) - කෝටි 2.6 යි 
ශර්ෆේන් රදර්ෆර්ඩ් (ගුජරාට් ටයිනට්ස්) - කෝටි 2.6 යි
ජෙකොබ් බෙත්හෙල් (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 2.6 යි 
සෑම් කරන් (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 2.4 යි
ජෙරල්ඩ් කොයෙට්සි (ගුජරාට් ටයිනට්ස්) - කෝටි 2.4 යි
ශාබාස් අහමඩ් (ලක්නව් සුපර් ජයන්ට්ස්) - කෝටි 2.4 යි
අස්රතුල්ලා ඔමර්සායි (පන්ජාබ් කිංග්ස්) - කෝටි 2.4 යි 
ගුර්ජාප්නීත් සිං (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 2.2 යි
ෆෆ් ඩුප්ලෙසි (දිල්ලි කැපිටල්ස්) - කෝටි 2 යි 
ලොකී ෆර්ගසන් (පන්ජාබ් කිංග්ස්) - කෝටි 2 යි 
සායි කිෂෝර් (ගුජරාට් ටයිනට්ස්) - කෝටි 2 යි
මිචෙල් සෑන්ට්නර් (මුම්බායි ඉන්දියන්ස්) - කෝටි 2 යි
ෆසාල්හක් ෆරූකි (රාජස්ථාන් රෝයල්ස්) - කෝටි 2 යි 
නේදන් එලිස් (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 2 යි
දෙව්දත් පඩික්කල් (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 2 යි 
ග්ලේන් පිලිප්ස් (ගුජරාට් ටයිනට්ස්) - කෝටි 2 යි
මුයින් අලී (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 2 යි
දීපක් හූඩා (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 1.7 යි
නුවන් තුෂාර (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 1.6 යි 
රෝමන් පවෙල් (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 1.5 යි 
රෙමාරියෝ ශෙපර්ඩ් (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 1.5 යි 
ජේම්ස් ඕවර්ටන් (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 1.5 යි
අජින්ක්‍යා රහනේ (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 1.5 යි
ඒරන් හාඩි (පන්ජාබ් කිංග්ස්) - කෝටි 1.25 යි 
ඒෂාන් මාලිංග (සන්රයිසස් හයිද්‍රාබාද්) - කෝටි 1.2 යි 
වයිබව් සූර්යවංශි (රාජස්ථාන් රෝයල්ස්) - කෝටි 1.1 යි 
රයන් රුකෙල්ටන් (මුම්බායි ඉන්දියන්ස්) - කෝටි 1 යි
ජයදේව් උනාඩ්කට් (සන්රයිසස් හයිද්‍රාබාද්) - කෝටි 1 යි
බ්‍රයිඩන් කර්ස් (සන්රයිසස් හයිද්‍රාබාද්) - කෝටි 1 යි

 

අලෙවි නොවූ ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් 

කේන් විලියම්සන් 
මායන්ක් අගර්වාල් 
ප්‍රිත්වි ෂෝ 
ශර්ධුල් ඨාකුර් 
ඩැරිල් මිචෙල් 
ශායි හෝප් 
ඇලෙක්ස් කේරි 
මුජිබුර් රහමන්
විජයකාන්ත් වියස්කාන්ත් 
අකීල් හොසේන් 
ආදිල් රෂීඩ් 
කේෂව් මහරාජ් 
ෆින් ඇලන්
ඩෙවොල්ඩ් බ්‍රේවිස් 
බෙන් ඩකට් 
ජොෂ් පිලිප් 
මුස්තෆිසුර් රහමන්
නවීන් උල්හක් 
උමේෂ් යාදව් 
පැතුම් නිස්සංක 
ස්ටීවන් ස්මිත් 
ගස් ඇට්කින්සන් 
සිකන්දර් රාසා 
අල්සාරි ජෝෂප් 
ජේසන් බෙරන්ඩෝෆ් 
මයිකල් බ්‍රාස්වෙල් 
ඩිල්ෂාන් මධුෂංක 
ලුංගි න්ගිඩි  
ඩ්වේන් ප්‍රිටෝරියස් 
ක්‍රිස් ජෝඩාන් 


අදහස් (0)

නුවන් තුෂාරට කෝටි පහමාරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.