Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා යතුරුපැදි සංගමය සහ නුවරඑළිය මෝටර් රේසිං සංගමය එක්ව සංවිධානය කරන නුවරඑළිය මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය හෙට (17 වැනිදා) නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්වේ.
මෙවර තරගාවලිය තරග ඉසව් 17 කින් සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 4 ක් සහ යතුරුපැදි තරග 13 ක් ඇතුළත් වේ. තරගාවලියට සහභාගී වීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 150 කට ආසන්නය.
ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා) මෝටර් රථ තරගය සඳහා වාර්තාගත සහභාගීත්වයක් දැකිය හැකි අතර මෙවර එම තරගයට සහභාගි වීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 15 කි.
ඉකුත් වසරේදී එම තරගය ජයගත් සුසන්ත ගුණවර්ධන සහ එහි දෙවැනි ස්ථානය හිමිකරගත් කුෂාන් පීරිස් අතර මෙවරද ඉතා තියුණු තරගයක් දැකගත හැකිවනු ඇති අතර සුසන්තගේ පුත් ෂෙනාල් ගුණවර්ධන සහ කුෂාන්ගේ පියා වන ධම්මික පීරිස්ද මෙවර තරගාවලියට සහභාගි වීම එහි තරගකාරීත්වය තවත් වැඩි කිරීමට හේතුවනු ඇත.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී යතුරුපැදි අංශයෙන් ද්විත්ව ජයග‍්‍රහණ අත්කරගැනීමට මධුරංග කල්දේරා සහ ආනන්ද සම්පත් වීරසිංහ සමත් වූහ.
එම වසරේදී දිනාගත් කීර්තිය මේ වසරේදීද තමන් සන්තකයේම පවත්වාගැනීම සඳහා මදුරංග කල්දේරාට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙන අතර ඒ සඳහා ඔහුට මෙවර තරගාවලියේ ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද අධිබලැති යතුුරුපැදි තරගයේදී ප‍්‍රමුඛ සේසත්, ශ‍්‍රියන්ත අනුරාධ සහ රීසා ඔඩෙයාර් වැනි ප‍්‍රබල තරගකරුවන් පරාජය කිරීමට සිදුවේ.
එස්. එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගයේදී ආනන්ද සම්පත් වීරසිංහට අභියෝග කිරීමට සූදානමින් සිටින කී‍්‍රඩකයන් අතරේ සුරාජ් පෙරේරා, සංජීව උදය කුමාර සහ ආනන්ද වෙඩිසිංහ ඉදිරියෙන්ම සිටිති. ඒ අනුව ඔහුටද මෙවර සිය අභිමානය රැුකගැනීම සඳහා ඉතා අසීරු සටනක නිරත වීමට සිදුවනු ඇත.
මැලේසියාවේ පැවැති ආසියානු ‘ඞී‍්‍රම් කුසලාන’ යතුරුපැදි තරගාවලියට සහභාගී වීම නිසා ඉකුත් වසරේ පැවැති තරගාවලියට සහභාගි නොවූ ලාබාල කී‍්‍රඩකයින් වන ඒරන් ගුණවර්ධන සහ ජේඞ්න් ගුණවර්ධද මෙවර තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටිති.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.