Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවරඑළිය ගොල්ෆ් පිටියේ රූස්ස ගස් වනසති

නුවරඑළිය ගොල්ෆ් පිටියේ රූස්ස ගස් වනසති

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ජායාරූප හා සටහන - නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ පාලනාධිකාරියට එරෙහිව රාජ්‍ය ආයතන කිහිපයක් වෙන් වෙන් වශයෙන් නුවරඑලිය අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට තීරණය කර ඇති බව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදීප් දනන්සුරිය මහතා පවසයි.

නුවරඑළිය මහ නගර සභාව මගින් වසර 99 ක් සඳහා බදු පදනම යටතේ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය වෙත ලබා දි ඇති ඉඩමෙහි වගා කර තිබු රුස්ස ගාන්ඩිස් ගස් 31 ක් ඉතා සුක්ෂම ලෙස විනාශ කිරිමට උත්සාහ කිරීම ඔවුන්ට එරෙහිව නීති පියවර ගැනීමට පසුබිම වී තිබේ. ඒ සඳහා ගස්වල බඳෙහි පොතු ගලවා කළු තෙල් ගල්වා තිබිම සම්බන්ධයෙන් සොයා බැලිමට නුවරඑළිය මහ නගර සභාව, වනජිවි දෙපාර්තුමේන්තුව, දැව සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, හක්ගල උද්භිද උද්‍යානයේ නිලධාරින් එක්ව ගොල්ෆ් ක්‍රීඩා පිටියේ ක්ෂෙත්‍ර චාරිකාවක නිරත වූහ. එසේ කරන ලද සොයා බැලීමකින් පසුව මෙම රූස්ස ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය ගත් බව ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේය‍.

නුවරඑළිය ප්‍රදේශයේ කිසිදු අවදානමක් නොමැති ගස් කපා දැමිමට අවසර ලබා නොදිම කිසා ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ පාලනාධිකාරිය විසින් ඉතා සුක්ෂම ලෙස එම ගස් විනාශ කිරිමට කටයුතු කර තිබිම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය මගින් හෙලිදරව් කරන ලදි. එයින් පසුව රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ගෝල්ෆ් ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

නුවරඑළිය මහ නගර සභාව විසින් බදු අයිතිය මත දේපළ පැවරීමේදී එහි වගා කර ඇති කිසිදු ගසකට හානියක් නොකරන ලෙසට කොන්දේසි පනවා ඇතත් එම කොන්දේසි උල්ලංඝනය කරමින් විනාශ කර ඇති එම රුස්ස ගස් යළිත් යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත් ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේය.

ගොල්ෆ්  ක්‍රීඩාංගණයේ තණබිස්ස මත රුස්ස ගස් වල කොළ වැටිම පාලනය කිරීමටත් ක්‍රීඩා පිටියේ සේවය කරන කාර්ය මණ්ඩලයට සහ සේවකයින්ට නේවාසිකාගාරයක් ඉදි කිරීමටත් මෙම රුස්ස විනාශ කිරිමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කීවද ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් නැත.

 


අදහස් (0)

නුවරඑළිය ගොල්ෆ් පිටියේ රූස්ස ගස් වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.