Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවරඑළිය තුරඟ තරග කල් දමයි

නුවරඑළිය තුරඟ තරග කල් දමයි

ශානුක අරවින්ද - 2020 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
රාජකීය තුරඟ තරග සමාජය මෙම වසර (2020) සඳහා සංවිධානය කරන ප්‍රධානතම තුරඟ තරගාවලි දෙක වන මැජික් මිලියන් කුසලාන තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබේ. මේ දිනවල පවතින කොරෝනා වසංගතය හේතුවෙන් රාජකීය තුරඟ තරග සමාජයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.
 
වාතාවරණය නැවතත් යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තරගාවලි දෙක සඳහා නව දිනයන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව එම සංගමය නිවේදනය කරයි.
 
මැජික් මිලියන් කුසලාන තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය පිළිවෙලින් මෙම මස 5 වැනිදා සහ 15 වැනිදා යන දිනවලදී විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණ. නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම තරගාවලි දෙකේදී උසස් වර්ගයේ අශ්වයන් 50 ක් පමණ තරග බිමට දැමීමට අයිතිකරුවෝ සූදානමින් සිටියහ. එම අසුන් මෙහෙයවීම සඳහා දෙස් විදෙස් අසරුවෝ රැසක් සූදානමින් සිටියහ.
 
පාස්කු ප්‍රහාරය හේතුවෙන් ඉකුත් වසරේදී (2019) පැවැත්වීමට නියමිතව තිබූ මැජික් මිලියන් කුසලාන තරගාවලිය අත්හැර දැමිණ. එම වසරේදී පැවැති ආණ්ඩුකාර කුසලාන තරගාවලියේදී ආණ්ඩුකාර කුසලාන දිනාගැනීමට ඉන්දීය අසරුවකු වන කේ. අනීල් සමත් විය. ෆියර්ලස් අශ්වගාලට අයත් අශ්වයකු වූ ‘ස්පිරිටඞ් ටච්’ අසු මෙහෙයවමින් අනීල් එම කුසලානට හිමිකම් කීවේය.
 
මැජික් මිලියන් කුසලාන තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය වෙනුවෙන් අශ්වයන්ට, අසරුවන්ට සහ අසුන් හිමිකරුවන්ට සූදානම් වීම සඳහා මේ වසරේ (2020) පළමු තුරඟ තරගාවලිය ලෙස මාර්තු මස 8 වැනිදා රාජකීය තුරඟ තරග සමාජ අගමැති කුසලාන තරගාවලිය පැවැත්විණ. එහිදී ත්‍රිත්ව ජයග්‍රහණ අත්කර ගැනීමට ඉන්දීය ජාතික අසරුවකු වන ඉර්වාන් සිං සමත් විය.
 
‘අල්කසබා’ වෙළඹ, ‘ගෝල්ඩන් ගර්ල්’ වෙළඹ සහ ‘සූලූ ෆැන්ටසි’ අසු මෙහෙයවමින් ඔහු ජයග්‍රහණය ත්‍රිත්වය හිමිකරගත් අතර එම අසුන් තිදෙනාම එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය හිමිකාරීත්වය දරණ අසුන්ය.

අදහස් (0)

නුවරඑළිය තුරඟ තරග කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.