Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු තරගයේ දී ලෝක ශූර ස්පාඤ්ඤය පරාජය කිරීමේ ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව සිය දෙවැනි තරගයට එක්වූ නෙදර්ලන්තය ගෝල 3-2 කින් ඔස්ට්‍රේලියාව පරදවා සුපිරි කණ්ඩායම් 16 අතරට එක්වීමේ වාසිය උදාකර ගත්තේය. ‘බී‘ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය පෝර්ටෝ ඇලග්‍රිහි, බීරා රියෝ ක්‍රීඩාංගණයේ පැවැත්විණ.
තරගයේ පළමු භාගයේ දෙපිලම දැඩි සටනක නිරතවූව ද අවසන් පැය භාගයක කාලයක් පුරා ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ නෙදර්ලන්තය සිය අපරාජිතභාවය රැක ගත්තේය.
තරගය ආරම්භයේ සිටම අභියෝගාත්මක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ නෙදර්ලන්තයට 18 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබාගැනීමට තිබූ අවස්ථාව නූලෙන් ගිලිහී ගියේය. නෙදර්ලන්තයේ සුපිරි ක්‍රීඩක අර්ජින් රොබෙන් නිදහස් පහරක් මගින් පිරිනැමූ පන්දුවට රොබින් වැන් පර්සි තම හිසෙන් ගැසූ පහර ගෝල් කණුවේ වැදී ඉවතට විසිවිය.
තරගයේ 20 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ රොබෙන් එල්ල කළ අතිදක්ෂ පහරකින් නෙදර්ලන්තයේ පළමු ගෝලය වාර්තා විය. එහෙත් 21වැනි මිනිත්තුවේ දී ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු ඉහළ දමමින් ටිම් කාහිල් ලබාගත් විශිෂ්ට ගෝලයෙන් තරගය 1-1ක් ලෙස සම විය. ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවට පත්වූයේ ගෝල 1-1ක් ලෙසිනි.
දෙවැනි අර්ධයේදී (තරගයේ 53වැනි මිනිත්තුවේ දී) නෙදර්ලන්ත ක්‍රීඩක ඩැරිල් ජන්මාත්ගේ අතේ පන්දුව ගැටීම නිසා ඔස්ට්‍රේලියාවට දඬුවම් පහරක් පිරි නැමුණු අතර එය සාර්ථක කරගත් මයිල් ජෙඩිනාක් ගෝල 2-1කින් සිය කණ්ඩායම ඉදිරියට ගත්තේය. එහෙත් ඊට මිනිත්තු හතරකට පසුව වැන් පර්සි ලබාගත් ගෝලයත් සමග නෙදර්ලන්තය 2-2 ක් ලෙස ගෝල සංඛ්‍යාව සම කර ගත්තේය.
අනතුරුව 68 වැනි මිනිත්තුවේ දී මෙම්පිස් ඩිපේ ගැසූ විශිෂ්ට පහරක් ඔස්ට්‍රේලියා දැල් රකින්නා පරයමින් දැළ තුළට වැදීගත්තේ තරගයේ වාසිය ගෝල 3-2කින් නෙදර්ලන්තයට අත්කර දෙමිනි. 74 වැනි මිනිත්තුවේ නැවත වරක් වැන් පර්සිට ගෝලයක් රැස් කිරීමේ අවස්ථාවක් උදාවූවද ඔස්ට්‍රේලියා දැළ රකින්නාගේ දස්කම් මත එය මඟ හැරී ගියේය.
මේ තරගයේ ගෝලයක් රැස් කිරීමත් සමග නෙදර්ලන්තය වෙනුවෙන් සිය අවසන් තරග 8 දීම ගෝල 8 ක් වාර්තා කිරීමට අර්ජින් රොබෙන්ට හැකිවී තිබේ.
ලෝක කුසලාන පාපන්දු තරගමාලා ඉතිහාසයේ ඔස්ට්‍රේලියා වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කරනු ලැබුවේ ටිම් කාහිල් විසිනි. ඔස්ට්‍රේලියා මෙතෙක් වාර්තා කළ ලෝක කුසලාන ගෝල් 11න් 5කටම කාහිල් හිමිකම් කියයි.
තරගයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ නමුත් ඔස්ට්‍රේලියාවේ ටිම් කාහිල් මෙන්ම නෙදර්ලන්තයේ රොබින් වැන් පර්සි ද නීතිවිරෝධි ක්‍රියා හේතුවෙන් කහ කාඩ් පතෙන් අවවාද ලැබීම විශේෂත්වයකි. 44 වැනි මිනිත්තුවේ දී ටිම් කාහිල් ද, 47 වැනි මිනිත්තුවේ දී වැන් පර්සි ද කහ කාඩ් පතෙන් අවවාද ලැබූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.