Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙදර්ලන්තය ලකුණු 45 කින් එංගලන්තය පරදවයි

නෙදර්ලන්තය ලකුණු 45 කින් එංගලන්තය පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මෙවර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ විශාලතම පෙරළිය කළ නෙදර්ලන්ත කී‍්‍රඩකයෝ අද (31 වැනිදා) චිතගොන්හිදී පැවැති තරගයේදී කි‍්‍රකට් කී‍්‍රඩාව ලෝකයාට හඳුන්වා දුන් එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 45 ක අති විශිෂ්ට ජයක් අත්කරගත්හ. ලකුණු 134 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත කණ්ඩයම  ඕවර 17.4 කදී ලකුණු 88 කට සීමාකළ නෙදර්ලන්ත කී‍්‍රඩකයෝ විස්සයි:20 තරගයකදී දෙවැනි  වතාවටත් එංගලන්තය පරාජය කළහ.
 
වසර 2009 දී එංගලන්තයේදී පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහගෙදර වන ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදීත් නෙදර්ලන්ත කණ්ඩායම විසින් එංගලන්තය පරාජය කරන ලදි.

එංගලන්තය ලකුණු 20 ක් ලබාගැනීමටත් පෙරම, මෙම තරගාවලියේදී ජයග‍්‍රහණ දෙකක් කරා සිය කණ්ඩායම කැඳවාගෙන ගිය ඇලෙක්ස් හේල්ස් (12) සහ මයිකල් ලම්බ් (6) දැවී ගියහ. හයවැනි  ඕවරයේදී තුන්වැනි කඩුල්ලත් අහිමි කරගත් එංගලන්ත කණ්ඩායම  ඕවර 10 ක් නිමාවේ ලකුණු 42 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියේය. එතැන් සිට තරගයේ පාලනය අතට ගත් නෙදර්ලන්ත කී‍්‍රඩකයෝ වෘත්තීය මට්ටමේ පන්දු යැවීමක් සහ පන්දු රැකීමක් ප‍්‍රදර්ශනය කරමින් එංගලන්ත පිතිකරුවන් පීඩනයට ලක් කළහ.

එංගලන්ත ජයග‍්‍රහණය සඳහා අවසන්  ඕවර 3 දී පන්දු 18 කින් ලකුණු 49 ක් අවශ්‍ය වූවත් පන්දු 4 ක් ඇතුළතදී එංගලන්ත පිලේ අවසන් කඩුලූ දෙකම බිම දැමූ නෙදර්ලන්ත කී‍්‍රඩකයෝ ජයග‍්‍රහණය තමන් සතු කරගත්හ.

කාසියේ වාසිය අත්කරගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර නෙදර්ලන්ත කණ්ඩායම  ඕවර 20 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 133 කට සීමා විය.

එංගලන්ත පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස්, මයිකල් ලම්බ්, මොයින් අලී, ඔයින් මෝගන් සහ ජොස් බට්ලර් යන සියලූ දෙනාම ඒ ව විට දැවී ගොස් සිටි අතර නම් දැරූ පිතිකරුවන්ගෙන් ඉතිරිව සිටියේ නායක ස්ටුවර්ට් බ්‍රෝඞ්, රවී බොපාරා සහ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන ටිම් බ්‍රෙස්නන් පමණි.

නෙදර්ලන්තය වෙනුවෙන් ස්ටීවන් මයිබෲ සහ අංක 3 කී‍්‍රඩක වෙස්ලි බරෙසි එක්ව නෙදර්ලන්ත පිලට සාර්ථක ආරම්භයක් දුන් නමුත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවෝ එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන නොගත්හ.

මයිබෲ පන්දු 31 කින් ලකුණු 39 ක් ලබා ගත් අතර මයිබෲට මනා සහයෝගයක් දුන් වෙස්ලි බරෙසි ලකුණු 48 ක් ලබාගැනීමට මුහුණ දුන්නේ පන්දු 45 ක් පමණි. එසේ වුවත් පන්දු 24 කින් ලකුණු 24 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් කඩුලූ 3 ක් දවාගත් නායක ස්ටුවර්ට් බ්‍රෝඞ් හමුවේ නෙදර්ලන්ත පිතිකරුවෝ පසුබැස ගියහ.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. තරගය චිතගොන් නුවර සහූර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකම මේ වන විටත් අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවී සිටිති.


නෙදර්ලන්තය -  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 133
(මයිකල් ස්වාත් 13, ස්ටීවන් මයිබෲ 39, වෙස්ලි බරෙසි 48, කි‍්‍රස් ජෝර්ඞ්න් 13/1, ස්ටුවර්ට් බ්‍රෝඞ් 24/3, රවී බොපාරා 15/1)

එංගලන්තය -  ඕවර 10 කදී සියලූ දෙනා දැවී 88
(ඇලෙක්ස් හේල්ස් 12, රවී බොපාරා 18, කි‍්‍රස් ජෝර්ඞ්න් 14, මුඩාසර් බුකාරි 12/3, ලෝගන් වැන් බීක් 09/3)

 


අදහස් (0)

නෙදර්ලන්තය ලකුණු 45 කින් එංගලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.