Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජය විසින් මෙහෙයවනු ලබන ‘නේෂන් ට්‍රස්ට් ගොල්ෆ් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 240 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. මෙම තරගාවලිය ජූනි 01 වැනිදා පැවැත්වෙන අතර ඔවුන්ගෙන් 120 දෙනෙක් සෙනසුරාදා පෙරවරු 7.00 ට තරග ආරම්භ කරති. අනෙක් 120 දෙනා එදිනම පස්වරු 2.00 ට තරග ආරම්භ කරති.
වසර 150 ක පමණ ඉතිහාසයක් හිමි, ආසියාවේ දෙවැනි පැරණිතම ගොල්ෆ් ක්‍රීඩාංගණය වන කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වේ. සම්පූර්ණ තරගාවලියම සිදුරු 18 කින් යුත් තරගාවලියකි.
පිරිමි සහ කාන්තා විවෘත තරගාවලියට අමතරව, ජ්‍යෙෂ්ඨයන්ගේ මෙන්ම ප්රවීණයන්ගේ වශයෙන් ද තරගාවලිය කාණ්ඩ කර තිබේ. නේෂන් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් හිමි කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ තරගාවලිය 31 වැනි සිකුරාදා පැවැත්වෙයි.
සෑම තරග කාණ්ඩයකම ශූරයන්ට සහ අනුශූරයන්ට මුදල් ත්‍යාග මෙන්ම කුසලාන පිරිනැමේ. ඊට අමතරව 8 වැනි සිදුර සඳහා වන දීර්ඝතම පහර සහ 13 වැනි සිදුරට ආසන්නතම පහර වෙනුවෙන්ද සුවිශේෂී ත්‍යාග පිරිනැමෙයි.
පිට පිටම වසර තුනක් මෙම තරගාවලියට අනග්‍රහය දැක්වූ නේෂන් ට්‍රස්ට් බැංකුව, මේ වසරේ සිට ඉදිරි වසර 4 ක කාලයක් සඳහාත් මෙම තරගාවලිය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. වසර තුනක කාලයක් සඳහා වන කනිෂ්ඨ ක්‍රීඩකයන් සංවර්ධන සැලැස්මක් මෙන්ම ගොල්ෆ් සහායකයන් සංවර්ධන සැලැස්මක් ද නේෂන් ට්‍රස්ට් බැංකුවේ අනුග්‍රාහක ගිවිසුමට ඇතුළත් වන බව රාජකීය ගොල්ෆ් සංගමයේ නායක අම්රිත් ද සොයිසා මහතා පැවසීය.
නේෂන් ට්‍රස්ට් බැංකුවේ විධායක උප සභාපති ෂෙහාන් ඩැනියෙල්, ප්‍රධාන අළෙවි නිලධාරී සංජය සෙනරත්, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ නායක අම්රිත් ද සොයිසා, උපනායක ගෙහාන් සිරිබද්දන සහ අළෙවි සම්බන්ධීකරණ ලේකම් රජීව් පණ්ඩිතගේ යන මහත්වරු නේෂන් ට්‍රස්ට් ගොල්ෆ් ශූරතාව සමගින්...
(ඡායාරූපය - ප්‍රදීප් පතිරණ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.