Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගත් ලාබල ක්‍රිඩක ෂෙනාල් ගුණවර්ධන, තරගය අතරතුර තමා පසුපස හඹාවිත් තමාගේ මෝටර රථය හප්පා ඉදිරියට තල්ලු කරමින් නීති විරෝධි ලෙස තරගයේ පෙරමුණගත් බවට සඳහන් කරමින් එම තරගයේ දෙවැනි ස්ථානයට පත්වූ උපුල්වන් සේරසිංහ තරග සංවිධායකයන්ට විරෝධතා ලිපියක් ඉදිරිපත් කළේය.
තරගාවලියේ ඉතිරි තරග පැවැත්වෙන අතරතුරදීම අදාල තරගයේ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ තරග සංවිධායකයෝ ෂෙනාල් ගුණවර්ධන තරගය ජයගෙන ඇති ආකාරය නීති විරෝධි බවට නිගමනය කළහ. එම නිසා ඔහුගේ ජයග්‍රහණය අවලංගු කරමින් දෙවැනි ස්ථානට පත්වූ උපුල්වන් සේරසිංහට තරගයේ ජය පිරිනැමීමද ඔවුහු කටයුතු කළහ.
එම තරගයේ තෙවැනි ස්ථානයට පත් වූ දිනේෂ් ජයවර්ධන දෙවැනි ස්ථානය දක්වාද, සිව්වැනි ස්ථානයට පත් වූ මයිකල් විජේසූරිය තෙවැනි ස්ථානය දක්වාද නිරායාසයෙන්ම ඉහළට ගියහ.
ෂෙනාල් ගුණවර්ධන එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය පැවැත්වෙන අතරතුර ධාවන පථය මැදදී කුෂාන් පීරිස් සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වන අයුරුද දැකගත හැකිවිය.
එම තරගයේ පළමු වටය අතරතුර කුෂාන් පීරිස්ගේ මෝටර් රථය හා එකිනෙක ගැටීම නිසා ෂෙනාල් ගුණවර්ධනගේ මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය අතර සිව්වැනි වටය අතරතුර කුෂාන් පීරිස්ගේ මෝටර් රථයද කාර්මික දෝෂයක් නිසා ඒ අසලම නතර විය.
ඒ මොහොතේ කුෂාන් පීරිස් සිය මෝටර් රථයෙන් බැස ධාවන පථයෙන් ඉවත්වනවාත් සමගම තමාව ධාවන පථයෙන් ඉවතට තල්ලු කළ බවට චෝදනා කරමින් ඔහුට බැණ වැදීමට ෂෙනාල් ගුණවර්ධන ඉදිරිපත් විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාම තරග සංවිධායකයන්ට විරෝධතා ලිපි ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී එම විරෝධතා සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් පණවන බවත් ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ නියෝජිතයෙක් පැවසීය.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.