Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවෝ මුම්බායි ඉන්දියන්ස්ට ජය ගෙනෙති

පිතිකරුවෝ මුම්බායි ඉන්දියන්ස්ට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඉන්දෝර්හිදී අද (4 වැනිදා) පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හැකිවිය.

ජයග්‍රහණය සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර් 19 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

අවසන් ඕවර 3 දී ජයග්‍රහණය සදහා ලකුණු 36 ක් ලබාගැනීමට පන්දුවට පහරදෙමින් සිටි කෲනාල් පාණ්ඩ්‍යාට සහ රෝහිත් ශර්මාට සිදුවූ අතර මාකස් ස්ටෝයිනිස් යවන ලද 18 වැනි ඕවරයේදී ලකුණු 20 ක් ලබාගත් ඔවුන් ඇන්ඩි්‍රව් ටේ යවන ලද 19 වැනි ඕවරයේදී ලකුණු 17 ක් රැස්කරමින් පන්දු 6 ක් ඉතිරිව තිබියදීම තරගය අවසන් කිරීමට සමත්වූහ.

කෲනාල් පාණ්ඩ්‍යා (නොදැවී 31) සහ රෝහිත් ශර්මා (නොදැවී 24) එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 21 කදී ලකුණු 56 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවූහ.

සූර්යකුමාර් යාදව් පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 57 ක් රැස්කරමින් ජයග්‍රහණයට අඩිතාලම දමා දුන්නේය.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 174 රැස්කිරීමට සමත්විය.

ලෝකේෂ් රාහුල් සහ ක්‍රීස් ගේල් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 40 කදී ලකුණු 54 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ.

පන්දු 40 කට මුහුණදුන් ක්‍රීස් ගේල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් රැස්කරමින් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායක විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ කරුන් නායර් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 23 ක් ද මාකස් ස්ටෝයිනිස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කිරීමට සමත්වූහ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් කරන් පොලාඞ් වෙනුවට එවින් ලෙවිස් කණ්ඩායමට එක්කර ගෙන ඇති අතර කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකරමින් ඒරන් ෆින්ච්, මනෝජ් තිවාරී සහ බරින්දර් ස්‍රාන් ඉවත්කර ඔවුන් වෙනුවට යුවරාජ් සිං, මාකස් ස්ටෝයිනිස් සහ ඇක්සා පටෙල් කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය ලැබූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 174
(ලෝකේෂ් රාහුල් 24, ක්‍රීස් ගේල් 50, කරුන් නායර් 23, මාකස් ස්ටෝයිනිස් නොදැවී 29)

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 176
(සූර්යකුමාර් යාදව් 57, ඉශාන් කිශාන් 25, හර්දික් පාණ්ඩ්‍යා 23, රෝහිත් ශර්මා නොදැවී 24, කෲනාල් පාණ්ඩ්‍යා නොදැවී 31, මුජීබ් රෙහ්මාන් 37/2)


අදහස් (0)

පිතිකරුවෝ මුම්බායි ඉන්දියන්ස්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.