Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිලිපීනයට එරෙහිව වෙනස් පිලක්

පිලිපීනයට එරෙහිව වෙනස් පිලක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර රග්බි තරගාවලියේ (2014) ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගය කොළඹ පැරණි තුරග තරග පිටියේදී හෙට (17) පස්වරු 6.30 සිට ආරම්භ වේ. ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනම පරාජයට පත්වීම නිසා තව දුරටත් ආසියාවේ ප‍්‍රධානතම රටවල් පහ අතර රැදී සිටීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්යෙන්ම ජය ලැබිය යුතුය.

ජපානයට එරෙහිව පැවැති තරගයට ක‍්‍රීඩා නොකළ හෙන්රි ටෙරන්ස් සහ සත්‍යා රණතුංග අද තරගයේදී ඉදිරි පෙළ ක‍්‍රීඩකයන් ලෙස තරගය ආරම්භයේ සිට ක‍්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රග්බි පිටියේ වේගවත් ක‍්‍රීඩකයකු වන ශ්‍රීනාත් සූරියබණ්ඩාරද නැවතත් සංචිතයට ඇතුළත්ව සිටියි.

මීට පෙර පැවැති හොං කොං තරගයට ක‍්‍රීඩා කරන බවට රග්බි සංගමයේ නිලධාරීන් ස්ථිර කර තිබියදී අවසන් මොහොතේ සහභාගි නොවූ ෆීජි ක‍්‍රීඩකයන් තිදෙනා මෙම තරගයට ක‍්‍රීඩා කරවන බවට ආරංචි පැතිර ගියේය.

එම ක‍්‍රීඩකයන්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අන්තර්ජාතික රග්බි සංගමයේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවට මීට පෙර පැවැති මාධ්‍ය හමුවකදී රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය. කෙසේ වෙතත් අද (16) සවස් වන තුරුත් ඒ සදහා අන්තර්ජාතික රග්බි සංගමයේ අනුමැතිය ලැබී නොතිබුණි.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය මේ දක්වා සහභාගි වූ සියලූ තරග පරාජයට පත්ව සිටියි. ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී දකුණු කොරියාව හමුවේ 59-03 කින්, දෙවැනි තරගයේදී හොං කොං පිල හමුවේ 41-10 කින් සහ ජපානය හමුවේ ලකුණු 132-10 කින් පරාජයට පත්විය.

පිලිපීනය සහභාගි වූ තරග දෙකේදී හොං කොං හමුවේ ලකුණු 108x0 කින් සහ ජපානය හමුවේ ලකුණු 99-10 කින් පරාජයට පත්විය.
 

 

 

 


අදහස් (5)

පිලිපීනයට එරෙහිව වෙනස් පිලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.