Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සංවිධානයෙන් කොත්මලේ චොක්ස් සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් ධර්මාශෝක විද්‍යාලයීය පිහිනුම් තටාකයේ පැවැති එකොළොස් වැනි ආර්. එම්. පී. ද සිල්වා අනුස්මරණ කුසලාන සමස්ත ලංකා පාසල් කෙටිදුර පිහිනුම් තරගාවලියේ සමස්ත බාලක, බාලිකා ශූරතා ද්විත්වයම පස්වැනි වරටත් දිනාගැනීමට සත්කාරක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත් විය.
මේ පිහිනුම් තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ බී. ඩිලංක ෂෙහාන් ද දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ ඒ.ඩබ්ලිව්. යසිදු කවිෂාන් සම්මාන දිනා ගත්හ.
සමස්ත බාලක ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ලකුණු 418 ක් ලබාගත් අතර අනුශූරතාව හිමිකරගත් මොරටුව ශාන්ත සෙබස්ති විද්‍යාලය ලකුණු 391 ක් හිමිකරගත්තේය. ලකුණු 146ක් ලබාගත් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එහි තෙවැනි ස්ථානය ද හිමිවිය.
සමස්ත බාලිකා ශූරතාව සඳහා ධර්මාශෝක විද්‍යාලය ලකුණු 372 ක් හිමිකරගත් අතර ලකුණු 195 ක් ලබාගත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට සමස්ත බාලිකා අනුශූරතාව හිමිවිය. ලකුණු 60ක් ලබාගත් පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එහි තෙවැනි ස්ථානය ද හිමිවිය.
* වයස 19න් පහළ බාලක ශූරතාව - ඞී.ජී. නිපුන් චන්දිම - (සිනිගම පිහනුුම් පාසල)
* වයස 17න් පහළ බාලක ශූරතාව - බී. ඩිලංක ෂෙහාන් - (කොළඹ නාලන්දා විද්‍යාලය)
* වයස 15න් පහළ බාලක ශූරතාව - පහන් ද සිල්වා - (කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලය)
* වයස 19න් පහළ බාලිකා ශූරතාව - එල්.එල්. ජනීෂා උදේශානි - (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
* වයස 17න් පහළ බාලිකා ශූරතාව - ඒ.ඩබ්ලිව්. යසිදු කවිෂාන් - (පී. ද එස්. කුලරත්න විද්‍යාලය)
* වයස 15න් පහළ බාලිකා ශූරතාව - එස්.කේ.එස්. බියංකා - (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
ජය සංඛේත ප‍්‍රදානෝත්සවය හිටපු ජාතික පිහිනුම් පුහුණුකරු මෙන්ම ධර්මාශෝක විද්‍යාලයේ හිටපු පිහිනුම් පුහුණුකරුවකු වූ රනිල් ගුණසේන, කොත්මලේ චොක්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ වෙළඳ කළමණාකරු කමල් ද සිල්වා, ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමයේ භාණ්ඩාගාරික කේ. ජානක ලාල් ද සිල්වා, විදුහල්පති සුමිත් පරාක‍්‍රමවංශ, නියෝජ්‍ය විදුහල්පති රවීන්ද්‍ර පුෂ්පකුමාර, කී‍්‍රඩා ලේකම් විරාජ් චමින්ද, ආදි ශිෂ්‍ය සංගමයේ සම ලේකම්වරුන් වන දේව් රොහාන් රාජපක්‍ෂ, සුමිත් පෙත්නාවඩු, පිහිනුම්භාර ආචාර්ය සුරංග මෙන්ඩිස් යන මහත්වරුන් සහ පිහිනුම්භාර ආචාරිණී ඉරේෂා සෙව්වන්දි යන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
හිටපු ජාතික පිහිනුම් පුහුණුකරු රනිල් ගුණසේන මහතා විසින් සමස්ත බාලක ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය පිහිනුුම් කණ්ඩායමේ නායක ගයන්ත චාරුක ද සිල්වාට ශූරතා කුසලානය ප‍්‍රදානය කරන ලද අවස්ථාව.
ජාතික පිහිනුම් පුහුණුකරු රනිල් ගුණසේන මහතා විසින් සමස්ත බාලිකා ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය පිහිනුම් කණ්ඩායමේ නායිකා එල්.එල්. ජනීෂා උදේශානිට ශූරතා කුසලානය හිටපු ප‍්‍රදානය කරන ලද අවස්ථාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.