Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්ත කි‍්‍රකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන දෙදින පෙරහුරු තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 261 ක් ලබා සිටියේය.
දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න (52) සහ නිරෝෂන් දික්වැල්ල (63) පිටියෙන් ඉවත්ව ගියේ තවත් පිතිකරුවකුට අවස්ථාව දීමේ අටියෙනි. පැය එකහමාරක් ඉක්මවා පිටියේ රැුඳුනු කරුණාරත්න පන්දු 75 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් තම ඉනිමට ඇතුළත් කළ අතර වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ දික්වැල්ල පන්දු 51 කදී ලකුණු 63 ක් ලබාගත්තේ පන්දුව 8 වතාවක්ම හතරේ සීමාවට පිටත්කර යවමිනි.
පැවැති එකම පෙරහුරු තරගයේදීම ලකුණු අතරට පැමිණ සිටින ළහිරු තිරිමාන්න මුල් ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් මුල් ඉනිමේදී ලකුණු 17 ක් ලබාගැනීමෙන් පසුව තරගය නතර කරන විට නොදැවී ලකුණු 36 ක් ලබා සිටියේය. නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කඩුලූ රකින කී‍්‍රඩක ප‍්‍රසන්න ජයවර්ධනද ලකුණු අතර සිටිති.
ආරම්භක දිනය වූ ඊයේ (21 වැනිදා) ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 173 කට සීමා කිරීමට නවසීලන්ත කි‍්‍රකට් සභාපතිගේ පිල සමත් වූ නමුත් ඉතාමත් ධෛර්යවත් පන්දු යැවීමක නිරත වූ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලේ මුල් ඉනිම ලකුණු 125 කට සීමා කළහ. එහිදී ඉතා අගනා පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර සහ තරිඳු කෞෂාල් දෙදෙනා ඕවර 7 කදී ලකුණු 26 කට කඩුලූ 6 ක් බෙදාහදා ගත්හ.
නවසීලන්ත කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලේ සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ ජෝනෝ හිකී පමණි. පළමු කඩුල්ල ලකුණු 10 දී බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි හිකී, ලකුණු 108 දී හයවැනි කඩුල්ල බිඳ වැටීමත් සමග දැවී යන විට පන්දු 92 කදී ලකුණු 57 ක් රැස්කර තිබිණ. ඔහුගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත විය.
මෙම තරගය පළමු පෙළ තරගයක් නොවන අතර එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියට සහභාගි වෙමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට එක්දින තරග මානසිකත්වයෙන් මිදී නැවතත් රතු පන්දුවට සහ සුදු ඇඳුමට හුරුවීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් පැවැත්විණ.
මෙවන් පෙරහුරු තරගයකදී කණ්ඩායමක් වෙනුවෙන් කී‍්‍රඩකයන් 11 දෙනකුට වැඩි සංඛ්‍යාවක් නම්කෙරෙන නමුත් පිටියට පිවිසෙන්නේ කී‍්‍රඩකයන් 11 දෙනකු පමණි. පිතිකරුවන් පන්දු රැකීම සඳහා පිටියට නොපැමිණෙන අතර පන්දු යවන්නෝ පන්දුවට පහර දීමට නොඑති. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ශමින්ද එරංග, දුෂ්මන්ත චමීර, ධම්මික ප‍්‍රසාද් සහ නුවන් ප‍්‍රදීප් පන්දුවට පහර නොදුන්හ.
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන සිකුරාදා (26 වැනිදා) ක‍්‍රයිස්ට්චර්ච්හිදී ආරම්භ වේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.