Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගීවීමට ක්‍රීඩකයින්ට වඩා උනන්දුවක් ක්‍රීඩා පරිපාලකයින්ට ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. මහනුවර, වත්තේගම තෙන්නකෝන් විමලානන්ද විද්‍යාලයේ පැවැති ‘සේව් ද ස්පෝර්ට්’ පුහුණු කඳවුරේදී රණතුංග මහතා එසේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ වත්මන් ක්‍රීඩා පරිපාලකයින්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ පෙනී සිට ස්වකීය ප්‍රතිරූප ගොඩනගා ගැනීම පමණක් බවයි.
ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම මිස තම අභිමතාර්ථ උදෙසා ක්‍රීඩාව භාවිත කිරීම නතර කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා නායකයා එහිදී අවධාරණය කළේය.
“අපි ක්‍රීඩාවෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. යාළුවෝ ඇති කර ගන්නවා. ඒ වගේම තරහකාරයෝ ඇති කරගන්නවා”
“ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්නවා.... අද දිනන කෙනා හෙට පරදිනවා.... අද පරදින කෙනා හෙට දිනනවා.... මේක නිදහසේ ලැබෙන අධ්‍යාපනයක්. අවාසනාවකට වගේ මේ රටේ ක්‍රීඩා ලෝලීනටවත් ඒක තේරෙන්නේ නැහැ. ක්‍රීඩාව ගැන කතාකරන, ක්‍රීඩාවට බලය ලබාගන්න අයටත් මේක තේරෙන්නේ නැති එක රටේ අවාසනාව” යයි කී රණතුංග මහතා.....
“සමහර අයට තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි රූපවාහිනියේ නැත්නම් පත්තරේ තමන්ගේ පින්තූරය දාගන්න එක. මේක තමයි මේ රටේ ක්‍රීඩා සංස්කෘතිය”
“ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයෝ නවදෙනෙක් යනකොට නිලධාරී හතලිස් ගාණක් යනවා. නමුත් සිදුවිය යුත්තේ නිලධාරීන් හතලිස් ගාණක් යනවා නම් එයින් භාගයක් අඩු කරලා ක්‍රීඩා කරන දරුවන්ට අවස්ථාව ලබාදීමයි”
“ඔලිම්පික් තරගාවලිය පෙන්නුවා නම් අඩුගාණේ ඒ දරුවෝ ටික කවදාහරි ඔලිම්පික් යන්න හරි අවස්ථාවක් ලබාගන්නවා. ඒත් මේවට යන්නේ එක එක නිලධාරීන්ගේ යාළුවෝ” යයිද රණතුංග මහතා පැවසීය.
එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දිනෙක තමන් කැඳවූ අවස්ථාවේදී සිදුවූ සිදුවීමක්ද රණතුංග මහතා සිහිපත් කළේය.
“පසුගිය දවසක මම එංගලන්යේ සංවාදයකට සහභාගී වූ අවස්ථාවේ එංගලන්ත ක්‍රිකට් සංගමයේ සභාපතිතුමා විශේෂ සාකච්ඡාවකට මාව කැඳෙව්වා. ඒ වෙලාවේ එතන හිටයේ ක්‍රිකට් ප්‍රවීණයින්. නිලධාරීන් හිටියේ නැහැ”
“මම ඒ සාකච්ඡාව අවසන් වෙලා එළියට එනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විස්සක් විතර එතනට ඇවිල්ලා හිටියා. මම කල්පනා කළා මේ රටේ මුදල් නේද මේ කියලා.”
“අපි උත්සාහ ගන්නේ රටේ සල්ලි ඉතුරු කරන්න. මේ මුදල් තමයි අපි පරිස්සම් කරලා මේ දරුවන් වෙනුවෙන් යොදවන්න ඕන. එහෙම නැතුව පරිපාලනයට එන්න ඡන්දයට උදව් කළ අයව, අමාත්‍යවරයාගේ රියදුරාව, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාව විදෙස් සංචාර වලට ගෙනයන එක නෙවෙයි වැදගත් වෙන්නේ” යයි කී රණතුංග මහතා
“මේ දරුවන්ට ක්‍රීඩාව කියන එක පෙන්වීමයි වැදගත් වෙන්නේ..” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරායා එහිදී පැවසීය.
‘සේව් ද ස්පෝරට්’ පුහුණු කඳවුරට සහභාගී වූ සහ ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා උපදේශක යෝගානන්ද විජේසුන්දර මහතාද මේ පිළිබඳ අදහස් දැක්වීය.
“අපේ රටෙන් ඔලිම්පික් වලට ගියා තරගය සඳහා ක්‍රීඩකයින් නවයයි. නරඹන්නන් සහ වෙනස් වෙනත් කාර්යය භාරයන් කරන පිරිස හතලිස් හයයි”
“නැවත, අවුරුදු 04කින් සිද්දවෙන්නේත් මේකමයි. ඒ කාලේ වෙනකොට අපි සමහර විට ජීවතුන් අතර නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබට පුළුවන් එය බලන්න. දේශපාලනය කියන්නේ පක්ෂ දේශපාලනය විතරක් නෙවෙයි. ක්‍රීඩවෙත් දේශපාලනය තියනවා.....” යයිද යෝගානන්ද විජේසුන්දර මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.