Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පංජාබ් පිල ලකුණු 18 කින් මුම්බායි පරදවයි

පංජාබ් පිල ලකුණු 18 කින් මුම්බායි පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර මුම්බායිහිදී අද (12) පැවැති තරගයෙන් පංජාබ් පිල ලකුණු 18 ක ජයක් ලැබීය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 178 ක ඉලක්කය හඹාගිය මුම්බායි පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 159 ක් පමණි.

හර්බජාන් සිං පන්දු 24 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් අනපේක්‍ෂිත ලෙස මුම්බායි ලකුණු ඉහළ දැමීමට සමත් විය.
 
පළමුව පන්දුවට පහර දුන් පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 177 ක් රැස් කළේය. මුම්බායි පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 34 කට කඩුලූ දෙකක් දවා ගැනීමට සමත් විය.

නායක ජෝජ් බේලි පන්දු 32 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස් කළේය. මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා, කිංග්ස් XI පංජාබ් සංචිතයට ඇතුළත්ව සිටිය ද මෙම තරගයේදී ද ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබුණි.


කිංග්ස් XI පංජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 177
(මුරලි විජේ 35, විරේන්ද්‍ර සෙවැග් 36, ඬේවිඞ් මිලර් 24, ජෝජ් බේලි නොදැවී 61, හර්බජාන් සිං 20/2, ලසිත් මාලිංග 34/2)

මුම්බායි පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 159
(අම්බාටි රයිදු 13, කරන් පොලාඞ් 20, ජගදීෂ සුචිත් නොදැවී 34, හර්බජාන් සිං 64, මිචෙල් ජොන්සන් 23/2, අෂාර් පටෙල් 30/2, අනුරුට් සිං 41/2)

 

- 048


අදහස් (0)

පංජාබ් පිල ලකුණු 18 කින් මුම්බායි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.