Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පංජාබ් පිල බැංගලෝර් පරදවයි

පංජාබ් පිල බැංගලෝර් පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 50 වැනි තරගය ලෙස කිංග්ස් XI පංජාබ් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර මොහාලිහි අද (13) පැවැති තරගයෙන් පංජාබ් පිල ලකුණු 22 ක ජයක් ලැබීමට සමත් විය.

ලකුණු 107 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය බැංගලෝර් පිලට ඕවර 10 යේදී කඩුලූ 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84 ක් පමණි.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය ප‍්‍රමාද වීමෙන් ඉනිමක්  ඕවර 10 කට සීමා විය.
පළමුව පන්දුවට පහර දුන් පංජාබ් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් රිදීමන් සාහා ආරම්භක පිතිකරු ලෙස පන්දු 12 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 31 ක් රැස් කළේය.

බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු රැුකීමට තීරණය කළේය. පංජාබ් පිල තරග 13 කදී ජයග‍්‍රහණ තුනක් සමගින් ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා අවසන් ස්ථානයේ පසුවෙයි.


කිංග්ස් XI පංජාබ් පිල ඕවර 10 කදී කඩුලූ 6 ට 106
(රිදීමන් සාහා 31, මනාන් වොහා 11, ග්ලේන් මැක්ස්වෙල් 10, ඬේවිඞ් මිලර් 14, ජෝජ් බේලි 13, අෂාර් පටෙල් නොදැවී 20, හර්ෂාල් පටෙල් 12/2, යුෂ්වෙන්ද්‍ර චහල් 25/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 10 කදී කඩුලූ 6 ට 84
(ක‍්‍රිස් ගේල් 17, විරාට් කෝලි 19, ඒ. බී. ඩිවිලියස් 10, මන්දීප් සිං 20, අෂාර් පටෙල් 11/2, අනුරුට් සිං 21/2)

 

- 048


අදහස් (0)

පංජාබ් පිල බැංගලෝර් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.