Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
( ටී.කේ.ජී.කපිල )
තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවති ආසියානු සවි එසවීම් ශූරතාවලියේ දී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (30 වැනිදා) සවස කටුනායක ගුවන් තොටුපළින් මව්බිමට පැමිණියහ .
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී රන් පදක්කම් 14 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි. මෙම සවි එසවීම් කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීය .
මෙම ආසියානු සවි එසවීම් ශූරතා තරගාවලිය කාණ්ඩ 06 ක් යටතේ රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැත්වුණා. ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා මෙම තරගාවලිය අවුරුදු 02 ක් පවත්වා තිබුණේ නැහැ .
“අලුත් නීති ගොඩක් හඳුන්වා දී තිබූ අතර , දැඩි තරගකාරී පසුබිමක මෙම ජයග්‍රහණ ලබා ගැනීමට අපට හැකි උනා .“
“මෙම තරගාවලිය සදහා අපේ පෞද්ගලික මුදල් එකතු කරල , රුපියල් ලක්ෂ 05 ක් විතර හොයාගන තමයි අපි ගියේ . අද (30 වැනිදා) තමයි සමාප්ති උත්සවය තියෙන්නෙ . අපි ඒකට සහභාගී නොවී ආවා“
“එහෙත් ඉදිරියේදී අපි ශ්‍රී ලංකා රජයේ , ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සවි එසවීම් ක්‍රීඩා සම්මේලනයේ සහය බලාපොරොත්තු වෙනවා“ යයිද ඔහු පැවසීය .
කිලෝ ග්රැම් 47 බර පංතිය යටතේ මෙම තරගාවලියේ දී තරග කළ ෂෙනුකි දිශල්‍යා එම කාණ්ඩය යටතේ පැවති තරග ඉසව් හතරටම සහභාගී වී , එම ඉසව් වලින් රන් පදක්කම් 04 ම දිනා ගැනීමට සමත් වී සිටියාය. කටුනායක ගුවන් තොටුපළේ දී අදහස් දැක්වූ ෂෙනුකි දිශල්‍යා මෙසේ පැවසුවාය .
මේ මගේ පළමු තරග සංචාරය . එහිදී මම තරග කළ තරග ඉසව් 04 න්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් උනා. ඒ වගේම පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා සවි එසවීම් තරග වාර්තා අලුත් කිරීමටත් මට හැකි උනා .
“මගේ ඊළඟ බලාපොරොත්තුව ලෝක ශූරතා සවි එසවීම් තරගාවලියට සහභාගී වී එයින් ද රන් පදක්කම් දිනා ගැනීමයි“ යයි ද ෂෙනුකි දිශල්‍යා පැවසීය .
මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා ෂෙනුකි දිශල්‍යාගේ මව ක්‍රිශාන්තිති දේවිකා සහ ඇයගේ පියා සංජීව සිල්වා යන අයද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආලින්දය වෙත පැමිණ සිටියහ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.