Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රජයේ නිවාස ලබාගත් ජාත්‍යන්තර පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනකුට ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විමර්ෂණයක් ආරම්භ කර තිබේ.
අන්තර් ජාතික ක්‍රීඩා තරගවල දී පදක්කම් දිනාගත් හා ජයග්‍රහණ අත්කරගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රජය මෙම නිවාස ලබාදී ඇත්තේ ඉතා සහන පදනමක් මතය.
කෙසේ වුවත් එසේ ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ හුවා දක්වමින් රජයේ නිවාස ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් එම නිවාසවල මෙතෙක් පදිංචි වී නැති බව සනාථ වී තිබේ.
එම බොහෝ නිවාස වසා දමා තිබෙන අතර ඇතැම් නිවාස කුලියට ලබාදී තිබෙන බවත් හෙළිකරගෙන තිබේ. වසර 2016 සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රදානය කර තිබෙන මෙම නිවාසයක් ලක්ෂ 12ත් 15ත් අතර සහන මිලකට ලබාදීමට නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.
එම නිවාස සඳහා සහන ගෙවීමේ පදනම මත මසකට අය කරන මුදල රුපියල් 5000ක් වී තිබේ. මෙහිදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හෙළිකරගෙන ඇත්තේ මෙම නිවාස වැඩි ගණනක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රදානය කර ඇත්තේ පදනමක් නොමැතිව බවයි.
ඒ අතර සහන ගෙවීමේ ක්‍රමයක් මත ඔවුන්ට මෙම නිවාස ලබා දුන්න ද ඔවුන් වැඩි දෙනකු ඒවා තමන්ට නොමිලේම ලබාදුන් නිවාස ලෙස සලකා කටයුතු කිරීමෙන් මෙසේ වාරික ගෙවීම් පැහැර හැර තිබෙන බවට ද වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
පදක්කම්ලාභි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහන ගෙවීමේ පදනමක් මත ලබාදුන් මෙම නිවාසවල යතුරු බාරගත් දිනයේ සිට ඇතැමුන් ඒවා වසා දමා තිබීමෙන් එකී නිවාසවල විදුලි හා ජල මීටර් මේ දක්වා බින්දුවේ පවතින බව ද වාර්තා වේ.
මෙම තත්ත්වයන් තුළ රජයේ නිවාස ලබාගෙන ගෙවීම් පැහැර හැර තිබෙන ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනකුටම විමර්ෂණ සඳහා කැඳවීම් ලබා ඇතැයි ද වාර්තාවේ.
මොරටුව සොයිසාපුර, වනාතමුල්ල, සහස්‍රපුර, කොළඹ බ්ලූමැන්ඩල්, මොරටුව ලුනාව යන ප්‍රදේශවල ස්ථාපිත ප්‍රසිද්ධ රජයේ නිවාස සංකීර්ණ කීපයකින් මතු දැක්වූ ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙලෙස නිවාස ලබා දී තිබේ.
එසේ මොරටුව සොයිසාපුර නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමක ක්‍රීඩිකාවෝ පිරිසක් ද වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.