Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයට අනුබද්ධව, වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් සඳහා විශේෂ විද්‍යායතන දෙකක් ඇතිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ජාතික තේරීම් කමිටු නිලධාරීන්ගේ නිර්දේශය මත, වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් සඳහා විශේෂ විද්‍යායතන දෙකක් ඇතිකිරීමේ අරමුණ වන්නේ ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයන් එයින් සපයාගැනීමයි.
මේ සඳහා පළමු ශ්‍රේණියේ ‘ඒ’ සහ ‘බී’ තලයේ ක්‍රීඩා සමාජ අතුරින් ක්‍රීඩකයෝ 105 දෙනෙක් පසුගිය සති අන්තයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේත් විශේෂ නිරීක්‍ෂණයට ලක්වූහ. ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්ගේ නිර්දේශ මත මෙම ක්‍රීඩකයන් තෝරාගන්නා ලදි. ඒ වෙනුවෙන් නිර්නායක සපයන ලද්දේ ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයයි.
මෙම ක්‍රීඩකයන් 105 දෙනා අතුරින් වේග පන්දු විද්‍යායතනය සහ දඟ පන්දු විද්‍යායතනය සඳහා සංචිත දෙකක් තෝරා ගැනේ. එතැන් සිට, තමන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කරගැනීම සඳහා තෝරාගනු ලබන ක්‍රීඩකයන්ට වඩාත් වෙහෙසකර පුහුණු පාඨමාලාවක් සඳහා අනුගත වීමට සිදුවනු ඇත.
ජාතික වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක ඇතුළුව, රවීන්ද්‍ර පුෂ්පකුමාර, චමිල ගමගේ සහ දර්ශන ගමගේ විසින් වේග පන්දු යවන්නන් පරීක්ෂා කරන ලදි. දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවන් වන පියල් විජේතුංග, සජීව වීරකෝන් සහ සචිත් පතිරණ විසින් දඟ පන්දු යවන්නන් පරීක්ෂා කරන ලදි.
ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් වන අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, දිල්රුවන් පෙරේරා සහ ඉන්දික ද සේරම් යන සිව්දෙනාම මෙම තෝරාගැනීමේ වැඩසටහන පුරා දැඩි අවධානයෙන් පසුවූහ.
ක්‍රීඩකයන්ගේ දක්ෂතා සෙවීම තවදුරටත් පුළුල් කිරීම සඳහා දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් ආවරණය වන පරිදි පිට පළාත්වල දස්කම් නිරීක්‍ෂණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.