Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්

පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (16 වැනිදා) ක්‍රීඩාව ආරම්භ කිරීම ප්‍රමාද විය.

ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයන් පන්දුව පළුඳු කළ බවට සැක කරමින් අද තරගය ආරම්භ කිරීමට පෙර පන්දුව වෙනත් පන්දුවකට මාරු කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට අතිරේක ලකුණු 5 ක් ප්‍රදානය කළ විනිසුරුවෝ, අද දිනයේදී ක්‍රීඩා කිරීම සඳහා වෙනත් පන්දුවක් තෝරාගැනීමේ අවස්ථාව ඊයේ දිනය නිමාවන විට කඩුල්ලේ රැදී සිටි කොදෙව් පිතිකරුවන්ට ලබාදීමටද පියවර ගත්හ.

කෙසේ වුවත් ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා නියමිත වේලාවට ක්‍රීඩාංගණයට නොපැමිණි අතර කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පමණක් ක්‍රීඩාංගණයට පැමිණ විනිසුරුවන් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතාද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට පැමිණ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කලමණාකරු අසංක ගුරුසිංහ මහත්වරු සමග මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළේය.

අවසානයේ පැය 2 ක පමණ ප්‍රමාදයකින් අනතුරුව පෙරුවරු 11.40 ට පමණ තරගය ආරම්භ විය. එම ප්‍රමාදය හේතුවෙන් අද දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට යවා නිම කළ හැකි වූයේ ඕවර 12.3 ක් පමණි.

දිවා ආහාරය සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුල්ලු 3 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියේය. ඒ විට වට පන්දුවට පහරදෙමින් සිටි ඩෙවෝන් ස්මිත් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 60 ක්ද, රොස්ටන් චේස් ලකුණු 3 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද දිනයේදී බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ ෂායි හෝප් පිටියෙන් ඉවත්ව ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩපන්දුවක් දෙමිනි.

 

ශ්‍රී ලංකා - පළමු ඉනිම 
කුසල් පෙරේරා  - ඇ. හෝල්ඩර් ප. රෝච් 32
මහේල උඩවත්ත  - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 0
ධනංජය ද සිල්වා - ප.ගේබ්‍රියෙල් 12
කුසල් මෙන්ඩිස්  - ඇ.ඩව්රිච් ප.හෝල්ඩර් 45
දිනේෂ් චන්දිමාල්  - නොදැවී 119
රොෂේන් සිල්වා - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 6
නිරෝෂන් දික්වැල්ල- ඇ.හෝප් ප.ගේබ්‍රියෙල් 16
අකිල ධනංජය - ඇ. ඩව්රිච් ප. රෝච් 2
සුරංග ලක්මාල් - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් 10
කසුන් රාජිත - ඇ. ඩව්රිච් ප. රෝච් 4
ළහිරු කුමාර - ඇ. හෝප් ප. රෝච් 0
අතිරේක (බ-1, නි-2, ව-2,පා-2) 7
එකතුව ඕවර 79 කදී සියලුදෙනා දැවී  253
කඩුලු වැටීම :
 1-1 (උඩවත්ත), 2-15 (ධනංජය ද සිල්වා), 3-59 (කුසල් පෙරේරා), 4-126 ( මෙන්ඩිස්), 5- 148 (රොෂේන් සිල්වා), 6-179 (දික්වැල්ල), 7-190 (අකිල ධනංජය), 8-206 (ලක්මාල්),9- 237 (රාජිත),10- 253 (කුමාර)
පන්දු යැවීම:
කෙමාර් රෝච් 18-8-49-4
ෂැනෝන් ගේබ්‍රියෙල් 16-4-59-5
මිගෙල් කමින්ස්  19-5-69-0
ජේසන් හෝල්ඩර්  14-2-56-1
දේවේන්ද්‍ර බිශූ 11-3-15-0
රොස්ටන් චේස් 1-0-2-0
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ. දික්වැල්ල ප.රාජිත 22
ඩෙවෝන් ස්මිත් -නොදැවී  60
කිරන් පවෙල් - ඇ. මෙන්ඩිස් ප. ළහිරු  27
ෂායි හෝප් - ඇ. ධනංජය ප. ලක්මාල් 19
රොස්ටන් චේස් - නොදැවී 3
අතිරේක (බ-6, පා-8, ව-3, නි-1, පෙ-5) 23
එකතුව ඕවර 57 කදී කඩුලු 3 ක් දැවී  154
කඩුලු වැටීම :
1-59 (බ්‍රැත්වෙයිට්), 2-115 (පවෙල්), 3- 149 (හෝප්)
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝඃ
ෂේන් ඩව්රිච්, ඩේසන් හෝල්ඩර්, දේවේන්ද්‍ර බිශූ, කෙමාර් රෝච්, 
මිගෙල් කමින්ස්, ෂැනෝන් ගේබ්‍රියෙල්
පන්දු යැවීම:
සුරංග ලක්මාල් 13-5-20-1
අකිල ධනංජය  14-5-31-0
කසුන් රාජිත 12-4-25-1
ළහිරු කුමාර  18-3-59-1

 

- 036
 


අදහස් (0)

පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.