Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 70 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමගින් ඇලී ගැලී සිටි පර්සි අබේසේකර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (2023 නොවැම්බර් 02 වැනිදා) සිදුකෙරිණ. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න අවමගල්‍ය ශාලාවේදී දින දෙකක් පුරා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වූවෝත් නොවූවෝත් පැමිණ අබේසේකර මහතාට සිය අවසන් ගෞරවය දක්වා සිටියහ.
අද එහි පැමිණි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම උපනායකයකු ද වන චමින්ද වාස් කියා සිටියේ අබේසේකර මහතාගේ දිරිගැන්වීම විශේෂයෙන්ම ටෙස්ට් තරග වලදී මහත් සේ වැදගත් වූ බවයි.
“එයා හැම තරගයකටම වගේ ආවා. විශේෂයෙන්ම ටෙස්ට් තරග වලදී. අනෙක අපි තරග දිනුවත් පැරදුනත් එයා එක වගේම ආදරෙන් අපිත් එක්ක හිටියා” යයි වාස් පැවසීය.
“ශ්‍රී ලංකාව වගේ දැඩි උෂ්ණාධික රටක, ටෙස්ට් තරගයක පන්දු යවන එක ලේසි නෑ. ඒත් හතරේ සීමාව ළඟටම ඇවිල්ලා එයා කියන ඒවා ඇහුණාම අපිට තව ටිකක් වෙහෙසිලා පන්දු යවන්න ධෛර්යයක් එනවා... ඒ වෙලාවට ඒක ලොකු දෙයක්” යයි ද චමින්ද වාස් පැවසීය.
ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීම සහ දිරිගැන්වීම සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ අබේසේකර මහතා හතරේ සීමාවෙන් එපිට සිටිමින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. පර්සි අබේසේකර මහතාට උපහාර දැක්වීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කළු පටි පැළඳ ක්‍රීඩා කළහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.