Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ‍්‍රසීලය විශාල වන්නේ සංඛ්‍යා ලේඛන නිසා පමණක් නොවේ....එය විශාල වන්නේ කතාන්දර, මිත්‍යාවන් සහ ජනශ‍්‍රැති නිසා ගොඩනැගුණු රටක් නිසාවෙනි” ඇලෙක්ස් බෙලෝස් නම් පාපන්දු ලේඛකයා ”ෆුටෙබෝල්” නම් ග‍්‍රන්ථයේ බ‍්‍රසීලය හඳුන්වා දුන්නේ එසේය. බ‍්‍රසීලයේ පාපන්දු ක‍්‍රීඩාව නිවැරැදිව හඳුනා ගැනීමට නම් මේ මිත්‍යාවන් සහ කතාන්දර ගැනද දැන සිටිය යුතුය.
බ‍්‍රසීලයේ ලෝක කුසලාන ජයග‍්‍රහණ පහ සහ ඔවුන් මේ දක්වා පැවැති සෑම ලෝක කුසලානයකටම සහභාගි වීම හේතුවෙන් එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ වඩාත්ම කතා බහට ලක්වූ කණ්ඩායම ලෙසින්ද හඳුන්වා දිය හැකිය.
බ‍්‍රසීලය ගැන ගෙතී ඇති මිත්‍ය කතා මෙන්ම බ‍්‍රසීලය පාපන්දු ක‍්‍රීඩාවේ සාර්ථක වූ කතාවද උපත ලබන්නේ පරාජයකිනි. 1950 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී උරුගුවේ කණ්ඩායම අතින් ලද පරාජය අද පවා බ‍්‍රසීල ජාතිකයන් සළකන්නේ මහා ඛේදවාචකයක් ලෙසිනි.
සුප‍්‍රසිද්ධ නාට්‍ය රචක නෙල්සන් රොඞ්රිගුවස් එම පරාජය හඳුන්වා දෙන්නේ ”අපේ විනාශය, අපේ හිරෝෂිමාව” ලෙසිනි. එහෙත් එය එක අතකින් බ‍්‍රසීලයටම ආවේණි වූ ”සම්බා” පාපන්දු ක‍්‍රීඩාවේ උපත ලෙසින්ද හඳුන්වා දිය හැකිය.
1958 වසරේදී බ‍්‍රසීලය ස්වීඩනයේදී සිය පළමු ලෝක කුසලාන ජයග‍්‍රහණය ලබාගන්නා විට තරග 6 කදී ඔවුන්ට විරුද්ධව වාර්තා වූයේ ගෝල හතරක් පමණකි. එම ගෝල හතරම වාර්තා වූයේ අවසන් පූර්ව සහ අවසන් මහා තරගයේදීය. 1962 දී චිලී රාජ්‍යයේදී පැවැති ලෝක කුසලානයේදී බ‍්‍රසීලයට එරෙහිව වාර්තා වූයේ ගෝල පහක් පමණකි.
1994 දී මෙම වාර්තාව තවදුරටත් ඉහළ ගිය අතර තරග හතකදී බ‍්‍රසීලයට එරෙහිව වාර්තා වූයේ ගෝල 3 ක් පමණකි. බ‍්‍රසීලය අවසන් වරට ලෝක කුසලාන ජයග‍්‍රහණයක් ලබාගත් 2002 වසරේදී තරග හතකදී ඔවුන්ට විරුද්ධව වාර්තා වූයේ ගෝල හතරක් පමණකි. ඒ අනුව මෙම සියලූ තරගවල සාරාංශය ගත් විට ලෝක කුසලාන තරග 26 කදී බ‍්‍රසීලයට එරෙහිව ප‍්‍රතිවාදීන් ලබා ඇත්තේ ගෝල 16 ක් පමණකි.
බැලූ බැල්මටම මෙය විශ්මයජනක වාර්තාවකි.
කෙසේ වෙතත් බ‍්‍රසීලයේ දක්ෂතා ගැන පැවැසීමේදී එම වාර්තාව පමක් ප‍්‍රමාණවත් නැත. 1970 වසරේදී මෙක්සිකෝවේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී කහ පැහැති බැනියමෙන් සැරසුණු බ‍්‍රසීල ක‍්‍රීඩකයෝ ලෝකයට සංදර්ශනාත්මක පාපන්දු ක‍්‍රීඩාව හඳුන්වා දුන්හ.
බ‍්‍රසීල ජාතික කණ්ඩායම ලෝක ශූරතාවය දිනාගත් දිනයට පසුදින බ‍්‍රසීලයේ පළවන ‘ජර්නල් ඩු බ‍්‍රසීල්’ පුවත්පත ආඩම්බරයෙන් පැවැසුවේ ”බ‍්‍රසීලය පාපන්දුවෙන් ලබාගත් මෙම ජයග‍්‍රහණය සමකළ හැක්කේ ඇමෙරිකානුවන්ගේ සඳ තරණයට” පමණක් බවය. බ‍්‍රසීල ජාතික කණ්ඩායමේ හොඳම ලෝක කුසලාන ජයග‍්‍රහණය 1970 තරගාවලිය ලෙසින් හඳුන්වා දුන්නත් ඔවුන් 1958 දී සහ 1994 දී ලබාගත් ජයග‍්‍රහණ අඩු තක්සේරු කළ නොහැක.
මුල්ම ලෝක කුසලාන තරගාවලිය වන විට එවකට 17 හැවිරිදි වියේ පසුවූ පේලේ, 1950 ඛේදවාචකයෙන් වසර අටකට පසුව, 1958 ලෝක කුසලන තරගාවලියේදී ගෝල හයක් ලබාගනිමින් බ‍්‍රසීලයේ පරාජිත තුවාල සුවපත් කළ අතර ඉන් ගෝල දෙකක්ම වාර්තා වූයේ ස්වීඩනය සමග පැවැති අවසන් මහා තරගයේදීය.
කෙසේ වෙතත් 1994 දී බ‍්‍රසීලය ලබාගත් ජයග‍්‍රහණය ඉතා උසස් ජයග‍්‍රණයක් ලෙසින් නොසැළකෙන්නේ එය ”ආරක්ෂාකාරී පාපන්දු ක‍්‍රීඩාව” ලෙසින් සැළකෙන නිසාය. ඇත්ත වශයෙන්ම බ‍්‍රසීලය තරගාවලියේ තරග 7 කදී ලබාගත්තේ ගෝල 11 ක් පමණකි. අවසන් මහා තරගය ජයගැනීමට දඬුවම් පහර මාලාවකට මුහුණ දීමටද ඔවුන්ට සිදුවිය.
එහෙත් එම ජයග‍්‍රහණය බ‍්‍රසීලය පැත්තෙන් ගත් විට සුවිශේෂී එකක් වන්නේ 1982 න් පසුව වසර 24 ක් තිස්සේ බ‍්‍රසීලය මුහුණ පා සිටි ජයග‍්‍රාහී නියඟය අවසන් කළ ලෝක කුසලාන තරගාවලිය නිසාය.
දත්ත වාර්තාව
ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වන්නේ 20 වැනි වරටය
ඉහළම දක්ෂතාව:
1958, 1962, 1970, 1994 සහ 2002 යන වසර වලදී ලෝක කුසලාන දිනා ඇත.
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම: 4
සංචිතය:
දැල රකින්නෝ: ජෙෆර්සන්, ජූලියෝ සෙසාර්, වික්ටර්
ආරක්ෂක ක‍්‍රීඩකයෝ: ඩැනි අල්වෙස්, දාන්තේ, ඬේවිඞ් ලූවිස්, හෙන්රික්ස්, මායිකොන්, මැක්ස්වෙල්, මාර්සෙලෝ, තියාගෝ සිල්වා
මැදපෙළ ක‍්‍රීඩකයෝ: ෆර්නෑන්ඩිනියෝ, හර්නානෙස්, ලූවිස් ගුස්ටාවෝ, ඔස්කාර්, පවුලින්හෝ, රැමිරෙස්, විලියොන්
ඉදිරිපෙළ ක‍්‍රීඩකයෝ: බර්නාඞ්, ෆ්‍රෙඞ්, හල්ක්, ජෝ, නෙයිමාර්
පුහුණුකරු: ලූයිස් ෆිලිප් ස්කෝලාරි
තාක්‍ෂණික සම්බන්ධීකරණ නිලධාරි : කාලෝස් ඇල්බට් පෙරෙයිරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.