Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග පැවැත්වූ තරගාවලියේ දී පරාජයට පත්වීම පිළිබඳව තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් තමා වගකීම බාර ගන්නා බව තැපැල් නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප‍්‍රකාශ කළේය.
ජයසූරිය මහතා මෙසේ පැවැසුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.
සනත් ජයසූරිය මහතා මෙසේද කීය.
මෙම ඉන්දීය සංචාරයට සහභාගි වූයේ වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩකයෝ ලෝක කුසලානයට දින 97ක් තිිබියදීයි ඔවුන් ඊට සහභාගි වුණේ. ඔවුන් ඕනෑම අවස්ථාවක දී තරගයකට ඉදිරිපත්වීමට සූදානම්ව සිටියේ මෙහෙවීම් කරලා අවුරුද්ද පුරා පුහුණුවීම් ලබන ක‍්‍රීඩකයෝ.
බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් සහ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකාවට එන්න බෑ කියපු කාලයේ ඉන්දියා ක‍්‍රීඩකයෝ අපේ රටට ඇවිත් මේ රටේ ක‍්‍රීඩා කළ හැකි බව පෙන්නුවා. ඉන්දියාවට ගිහින් තරග පහම ජය ලබන්න අප බලාපොරොත්තු වුණේ නැහැ. මේ පරාජයේ වගකීම ක‍්‍රීඩා ඇමැතිට දෙන්න බෑ. තේරීම් කමිටුව මේ සංචාරය තීරණය කළේ ක‍්‍රීඩකයෝ සහ නායකයා සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. මෙවැනි සංචාරයකදී දිනන පරදින අවස්ථා තියෙනවා. ඉල්ලන ඉල්ලන සෑම දෙයක්ම දී ක‍්‍රීඩකයන්ගේ මානසික මට්ටම සකස් කර තිබෙනවා.
මානසික පීඩනය මත ක‍්‍රීඩකයන්ට යම් යම් දේ කියන්න පුළුවන් ඒ අයගේ අතපසුවීම ක‍්‍රීඩකයන් දන්නවා. මේ සංචාරයේ පූර්ණ වගකීම තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස මා බාරගන්නවා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.